Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දීපානිටද නයනාටද?
නැත්තම් ‍මේක ‍බොරුවක් ද ?

මේක මට කරපු අපහාසයක්‌-දීපානි සමරසිංහ..

ඔය කියන දේවල් මම කරලා නෑ-අමිල අබේසේකර..

ව්‍යාපාරික කාන්තාවකට අපහාස වන අන්දමේ කට කතා තැනින් තැන කීම හේතුවෙන් "පබා" ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත්වූ අමිල අබේසේකර හට මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති බවත් පසුව අමිල අදාළ කාන්තාවගෙන් සමාව ගත් බවත් පසුගිය දි‍නෙක අපි වාර්තා ‍ක‍ළෙමු..
අපහාසයට ලක් වූ බව පැව‍‍සෙන මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම දේශීය කර්මාන්ත රැසක සභාපතිනිය ලෙස කටයුතු කරන දීපානි සමරසිංහ ‍‍මෙම සිද්ධිය සම්බන්ධ‍යෙන් පවසන්‍‍නේ ‍මෙවන් අදහසකි.

මම මේ නළුවා කිසිම අයුරකින් හඳුනන්නේ නැහැ.කොටින්ම ඔහු ඉන්නේ කොහේද, මොන නාට්‍යවලද රඟපාන්නේ කියලවත් මම දන්නේ නැහැ. නමුත් මොහු විසින් මගේ කිර්ති නාමයට හානී කරමින් අසත්‍ය ප්‍රකාශ රැසක්‌ ඉතාම ප්‍රබල විදිහට සමාජය තුළ පතුරවා තිබෙනවා. මොහුට ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කිරීමට ලක්‌ෂ 75 ක මුදලක්‌ මා ලබා දුන් බවත්, මා ඔහුට සෑමවිටම උදව් කරන බවත් ඔහු පවසා තිබෙනවා.

මේ අපහාස කිරීම මගේ කනට එන්නේ මෙරට පිළිගත් ප්‍රබල පුද්ගලයෙකු සහ මාගේ ඉතාම විශ්වාසනීය මිතුරෙක්‌ මාර්ගයෙන්. ඔහු කෙදිනකවත් මාහට බොරු නොකියන බව විශ්වාසයි. මෙම නළුවා මාගේ කිර්තිනාමය ඝාතනය කිරීම කොතරම් සුක්‌ෂම ලෙස කරනවාද කියතොත් මා ඉතාම පෞද්ගලික මට්‌ටමෙන් කරන කටයුතු පවා ඔහු සහ මා අතරේ හිතවත් කමක්‌ ඇතැයි සනාථ කිරීම සඳහා සාක්‌ෂී ලෙස භාවිතා කිරීම මමත් මවිතයට පත් කළා.

ඒ අනුව ක්‍රියාත්මක වූ මම මිරිහාන පොලීසියේ අදාල රංගන ශිල්පියාට විරුද්ධව පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළා. එය පසු ගිය මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්‌ෂණය යටතේ විභාග වූවා. අමිල මගෙන් සමාව ගනිමින් තරයේ ප්‍රකාශ කළා එවැන්නක්‌ ඔහු විසින් නොකළ බවට..නමුත් මාගේ තර්කය මෙයයි. ඔහු මේ කිසිම දෙයකට සම්බන්ධ නැත්නම් ඔහුගේ චරිතයට විශාල කැළලක්‌ මේ සිද්ධිය නිසා පැහැදිලිවම සිදු වී ඇති බැවින් අදාළ නළුවාට ඒ කියන්නේ අමිලට හැකි විය යුතුයි

එක්‌කෝ මට විරුද්ධව හෝ එසේත් නොමැති නම් මට මේ කතාව පැවසු සමාජයේ ප්‍රබල පුද්ගලයාට විරුද්ධව අමිල වැනි ජනප්‍රිය නළුවෙකුට අපහාස කිරීම සම්බන්ධයෙන් අපහස නඩුවක්‌ ගොනු කරන්න සහ නීතියේ පිහිට පතන්න. ඔහු එසේ නොකරන්නේ මේ සිද්ධිය සිදු වන්නේ අමිල දැනුවත්ව යම් කිසි මඩ කල්ලියකගේ අනු දැනුමට බව මා තරයේ විශ්වාස කරනවා.

මේ සියලු දෙනාටම අවශ්‍ය වී ඇත්තේ ව්‍යාපාරික කාන්තාවක්‌ ලෙස මා මේ රටේ ගොඩ නගා ගත් කීර්ති නාමය සහ ප්‍රතිරූපය විනාශ කරන්නයි. ඒ නිසා සත්‍ය සහ නිර්දෝශීභාවය ජය ගන්නා තුරු මා සටන් කරනවා.

මේ පිළිබඳව අප අමිල අබේසේකර පවසන්‍‍නේ

ඔව්… මම ඒ ප්‍රවෘත්තිය ගැන දන්නවා. මම දන්න කියන කෙනෙක්‌ තමයි ඔය ප්‍රවෘත්තිය පළකරලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක්‌. මේ වගේ බොරු ප්‍රවෘත්තියක්‌ පළකරන්නේ කොහොමද?

ඒ අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරැදි කරන ලෙස ඉල්ලලා මම නීතිඥ මහතකු මගින් අදාළ පාර්ශ්ව වෙත ලිඛිත දැනුම්දීමක්‌ කරලා තියෙනවා. ඒ සඳහා මට ලැබෙන ප්‍රතිචාරය අනුව අවශ්‍ය වෙතොත් නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා..යනු‍වෙනි. ‍

මේ අතර ඇතැම් මාධ්‍ය පවසන්‍‍නේ අමිල විසින් අපහාස කරන ලද්‍‍දේ ජනප්‍රිය නිළි නයනා කුමාරිට බවයි. ‍‍කො‍හොමවූණත් නයනා කුමාරි පවසන්‍‍නේ තමාට අමිල‍ගෙන් එවැනි කිසිදු අපහාසයක් සිදු ‍නොවූ බවත් ‍වෙබ් අඩවි වල පළ‍වෙන්‍‍නේ කිසිම පදනමක් නැති කතා බවත් ය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us