Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS


වසර තිහක් පුරා පැවති යුද්ධය අවසන් කොට රට ආර්ථික වශයෙන් සංවර්ධනය වෙමින් පවතින මේ අවස්ථාවේ රට තුළ ගූණගරුක බව සංවර්ධනය කිරිමට ද ඉඩ ලැබී ඇතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාඡපක්‍ෂ මහතා පැවැසී ය.

ගාල්ල පිලාන ගම්මානයේ ඉදිකළ ‘මෙත් සෙවන’ බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේය.
හෙතෙම තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසී ය.

”වසර තිහක් පුරා පැවති යුද්ධය නිසා රට ආර්ථික හා සාමාඡීය වශයෙන් පරිහානියට පත්වුණා. යුද්ධය අවසන් කරලා තියෙනවා. දැන් අවස්ථාව ලැබිලා තියෙනවා ආර්ථික වශයෙන් රට සංවර්ධනය කරනවා වගේම ගුණගරුක වශයෙන් රට සංවර්ධනය කිරීමට ඒ සදහා ‘මෙත්සෙවන’ වැනි මධ්‍යස්ථානවලින් විශාල පිටුවහලක් ලැබෙනවා.

             මෑත ඉතිහාසයේ පවා අපේ රට ආරක්‍ෂා කරගන්න මහා සංඝරත්නයෙන් විශාල කාර්යභාරයක් ඉටු වුණා. 2005 වසරේදී ඡුනාධිපතිතුමා රට භාරගන්න අවස්ථාවේ රටවල් දෙකක් තිබුණේ. රටෙන් භාගයකට යන්න ප‍්‍රභාකරන්ගෙන් අවසර ගන්න වුණා. ප‍්‍රභාකරන්ට ත‍්‍රස්තවාදියා කියන්නත් එපා කීවා. ප‍්‍රභාකරන් මහත්තයා කියලා තමයි කියන්න කිවේ. මේ ප‍්‍රශ්නය සාමයෙන් බේරගන්න කීවා. අපි සාමයට කැමතියි. මේ ප‍්‍රශ්නය සාමයෙන් බේරගන්න බැරි වු නිසා ජනාධිපතිතුමා තීන්දු කළා සාම සාකච්ඡු පැත්තකට තියලා සටනින් මේ ප‍්‍රශ්නය විසඳගන්න. අද තියෙන තත්වය උදා කරලා දුන්නේ ත‍්‍රිවිධ හමුදාවේ රණවිරුවන්. ඡුනාධිපතිතුමාට අවශ්‍ය ශක්තිය මහාසංඝරත්නය විසින් හැම විටකදීම ලබාදුන්නා.

අපේ නායක හාමුදුරුවෝ කීවා හෙමින් කිව්වාට තෙරෙන්නේ නෑ. ටිකක් හයියෙන් කියන්න ඕන කියලා. මමත් එය අත්දැකීමෙන් දන්නවා. යම් යම් බලපෑම් නිසා ඔබ වහන්සේලා භයවෙනවා. බිය විය යුතු නැහැ. ස්වාමීන් වහන්සේලා බිය විය යුතු නෑ. කිසිම කෙනෙක් බලපෑම්වලට බිය විය යුතු නෑ. ඒ බිය තුරන් කරගත යුතූයි.

මෙත්සෙවන මධ්‍යස්ථානය ඉදි කළෙත් ජර්මානු ජාතිකයෙක්. ඔහු බුදුදහම තේරුම් ගෙන ‘මෙත් සෙවන’ බෞද්ධ මධ්‍යස්ථානය මහා සංඝරත්නයට පූජා කළා” යැයි ද ආරක්‍ෂක ලේකම්වරයා පැවසිය.

කිරම විමලජෝති නාහිමියන් හා බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ද මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us