පසුගිය 18 දා විවෘත කළ මත්තල රාජපක්ෂ 'ජාත්‍යන්තර?' ගුවන් තොටුපලේ ගුවන් පථයට නිතර දෙවේලේ මොනරුන් පැමිණීම නිසා එහි පාලකයින් බලවත් අසීරුතාවයකට පත්ව ඇත.
මොනරා එම ප්‍රදේශයට අධිපති කතරගම දෙවියන්ගේ නිල වාහනය ලෙස සැලකෙන බැවින් කිසිදු ලෙසකින් මොනරුන්ට හිරිහැර නොකරන ලෙස ගුවන් තොටුපල අධිකාරියේ ප්‍රධානීන් එහි සේවකයින්ට දැනුම් දී ඇත.
මේ තත්වය යටතේ, ගුවන් පථයේ නිතර දෙවේලේ දුව පැන ඇවිදින මොනරුන් එළවීමට මේ වනවිට සේවකයින් පිරිසක් යොදා ඇත. එහෙත් මොනරුන් එම වැලැක්වීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සොයා ගැනීමට නොහැකි නිසා ගුවන් තොටුපල ප්‍රධානීන් එම ක්ෂේත්රයට අදාළ විශේෂඥයින් ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.
මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පසුගිය 14 දා පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල අසල ගුවනේදී, පියාසර කරමින් සිටි කුරුළු රංචුවක ගැටීමෙන් අකරතැබ්බකට මුහුණ දීමට ද සිදුවිය.
පසුගිය 13 දා මත්තල ගුවන් තොටුපළ මාර්ගයේ දී අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය..