Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බ්‍රිතාන්‍ය ගුවන් සේවයක් වන බි‍්‍රටිෂ් එයාර්වේස් වසර 15කට පසුව නැවතත් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත...

1990 වසරේදී ශ්‍රී ලංකාවේ එවකට පැවතී ආරක්ෂක තත්වය හේතුවෙන් එවකට පැවතී ගුවන් ගමන් නවතා දමනු ලැබුවා....

වසර 15කට පසුව බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන් සමාගම ලන්ඩන් - කොළඹ ගුවන් සේවා යළි ආරම්භ කරමින් ඊයේ (14) රාත්‍රී 7.30 පමණ  ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කරන ලද බොයින් 777 වර්ගයේ ගුවන් යානය  අද (15) දහවල් 12.25 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් පථය වෙත ගොඩ බස්වන ලදී...
මෙම මංගල ගුවන් යානයේ නියමුවා වුයේ ශ්‍රී ලාංකිකයෙක් වන ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු කපිතාන් කිරාන් මැදිවක මහතාය...බි‍්‍රටිෂ් එයාර්වේස් සමාගම ලන්ඩන් ගැට්වික් හා කොළඹ අතර සතියකට ගුවන් ගමන් වාර තුනක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ ...

ඉන්දියානුවන්ට පසුව ශ‍්‍රී ලංකාවට වැඩිපුරම පැමිණෙන්නේ බි‍්‍රතාන්‍යය ජාතිකයින් වන අතර, 2012 වසරේදී ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍යය සංචාරකයින් ප‍්‍රමාණය 114,000 කි...ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මෙසේ ගුවන් ගමන් ආරම්භ කිරිම කාලෝචිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී විශාල බ්‍රිතාන්‍ය සංචාරකයන් පිරිසක් පැමිණ ඇති බවත්ය

මේ අතර පසුගිය මාසයේදී නිල නොලත් ආරංචි මාර්ග පැවසුවේ ජාත්‍යන්තර ගුවන් සමාගම් ගණනාවක්ම ශී‍්‍ර ලංකාවට පැමිණීම නතර කර දැමීමට තීරණය කර ඇත බවකි... ගුවන් සමාගම් එම තීරණය ගැනීමට හේතු වී තිබෙන කරනවා වී ඇත්තේ කටුනායකට පැමිණෙන ගුවන් යානාවලට මත්තල ගුවන් තොටුපළටත් ගොඩබැසීම අනිවාර්ය කිරීම හේතුවෙනි.

මේ අනුව මැලේසියාවේ ගුවන් සමාගමක් වන එයා ඒෂියා ගුවන් සේවය අපේ‍්‍රල් 01 වැනිදා සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙන ගුවන් ගමන් නතර කර දැමීමට තීරණය කර තිබුනේය ..මීට අමතරව තායි එයාර් ඒෂියා ගුවන් සමාගමද එම තීරණයම ගෙන තිබුනේය...මීට අමතරව ගල්ෆ් එයා ගුවන් සමාගම හා මාලේ ගුවන් සමාගමද ලංකාවට පැමිණීම පිළිබඳව සලකා බැලීමට තීරණය කොට ඇත.

මාලේ ගුවන් සමාගමේ බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ විනාඩි 45 න් කටුනායකට පැමිණෙන ගුවන් යානය මත්තලට ගොඩ බැස්සීම හේතුවෙන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ගතවන බවය. ඒ හේතුවෙන් දැරීමට වන අමතර ගාස්තු තම සමාගමට දැරිය නොහැකි බවද ප‍්‍රකාශ කර ඇත...මත්තල මෙතෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පිළිගත් සහතිකයක් නොතිබීමද ගුවන් යානා ගුවන් තොටුපළ වර්ජනය කිරීමට හේතුවක් වී ඇත....

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us