Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බොදු බල සේනා සංවිධානයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර බල අරගලය එම සංවිධානය දෙකඩවීම දක්වා ව්‍යාප්තවී ඇතැයි වාර්තා වේ...

එම සංවිධානයේ නායක මට්ටමේ සිටින භික්ෂූන්වහන්සේලා කිහිපනමක් සහ එහි විධායක නිළධාරියා ලෙස පත්වූ ගිහි පර්ශවයේ නියෝජිතයා අතර ඇතිවී තිබෙන නායකත්ව බල අරගලය හේතුවෙන් නුදුරු අනාගතයේදි සංවිධානය දෙකඩවීමක් සිදුවනු ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මෙම බල අරගලයේ උච්ඡුතම අවස්ථාවක් ලෙස මෙතෙක් කලක් එහි මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු මෙහෙයවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එයින් ඉවත් කොට එම වගකීම් දිලන්ත විතානගේ නැමැත්තා පවරාගැනීම පෙන්වාදිය හැකි යැයි එහි අභ්‍යන්තර තොරතුරු වාර්තා සදහන් කරයි.

සංවිධානයේ අභ්‍යන්තරයේ යම් යම් මත ගැටුම් තිබෙන බව සත්‍යයක් වුවත් බොදු බල සේනා සංවිධානයේ පුපුරා යෑමකට ඉඩ නැති බව මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියන්ගෙන් සඳහන් කරති...

මේ දිනවල ඇමෙරිකාවට වැඩම කර සිටින සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත දිවයිනට වැඩම කිරීමෙන් පසු මේ තත්ත්වය ගැන සාකච්ඡුා කොට සමථයකට පත්කිරීමට හැකි බවටද ඔහු විශ්වාසය පළ කරයි.

මේ අතර පසුගිය සතියේදී කොල්ලූපිටියේ පිහිටි සමාජ ශාලාවක් වැටලීමට බොදු බල සේනා සංගමය ගෙන තිබූ තීරණය එම සමාජශාලා පාලනාධිකාරිය පූර්ව දැනුවත් කර ඇත්තේ ද මෙම බල අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස යැයි එහි අභ්‍යන්තර තොරතුරු වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us