ගූගල් මැප් එකෙන් නිධන් ස්ථාන සිතියම්..
අද අප්‍රේල් මස 1 වනදා අද දිනය වඩාත් ප්‍රචලිතව ඇත්තේ මෝඩයන්ගේ දිනය ලෙසය මෝඩයාගේ දිනය මුල් කරගෙන විවිධාකාරයේ මෝඩවැඩ කිරීමට ඇතැමුන් අද පෙළැඹිලා.
මව්බිම පුවත් පත හා සිලෝන් ටුඩේ පුවත්පතද අප්‍රේල් පලවනදා මෝඩයන්ගේ දිනය නියමකොට ගෙන පුවතක් පලකොට තිබේනවා
අද පළවූ මව්බිම පුවත්පත හා සිලෝන් ටුඩේ පුවත්පත සිය මුල් පිටුවෙන් ජනතාවට දන්වා සිටින්නේ මේ දිනවල ලංකාවට විරුද්ධව කෑගසන තමිල්නාඩු මහ ඇමිතිනී ජයලලිතා අද ලංකාවට පැමිණ ගාලූ මුවදොර පිටියේදී රැස්වීමක් පවත්වනු ඇති බවත් රජයේ හා විපක්ෂ දේශපාලකයින් හමුවී අදම යළි පිටත්ව යන බවත්ය.
එම පුවත මව්බිම හා සිලෝන් ටුඩේ පලවී තිබු ආකාරය පහතින් බලන්න
තවද අන්තර්ජාලයේ ප්‍රකට සිතියම් සෙවුම් යන්ත්‍රය වන ගූගල් මැප් අද හඳුන්වාදී ඇති නිධන් සිතියම් විශේෂාංගය මගින් ලෝකයේ සෑම රටකම නිධන් තැන්පත්ව ඇති ස්ථාන ගැන සිතියම් තොරතුරු ප්‍රසිද්ධ කර ඇත.
ලංකාවේ නිධන් වස්තු ඇති තැන් ගැන ගූගල් මැප් එක