Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හිටපු එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගුවන්යානා ප්‍රහාරක මිසයිල සඟවාගෙන සිටි බවට සැකකරන අඩි 150 ක් දිගැති වංගු සහිත බංකරයක් රාජ්‍ය බුද්ධි අංශ ත්‍රස්ත විමර්ශන අංශය සහ යුද හමුදාව විසින් සොයාගනු ලැබ තිබේ.

මෙය සොයාගෙන ඇත්තේ කිලිනොච්චිය උරුත්තපුරම් ප්‍රදේශයේදීය. බුද්ධි අංශ සොයාගත් තොරතුරු අනුව මේ බංකරය මතුකරගෙන ඇත්තේ අඩි 10ක් පමණ කැණීම් සිදුකොට එතැනින් මතුවන පඩිපෙළක් දිගේ මේ බංකරයට පිවිසීමෙනි.
පියගැට පෙළ අසල මතුවූ පළමුවැනි කුටියේ තිබී ගුවන්යානාවලට එල්ල කරන මිසයිල දමා තිබූ ලී පෙට්ටියක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.බුද්ධි අංශ තොරතුරු අනුව අඩි 150ක් දිගැති බංකරය සම්පූර්ණයෙන්ම පාදා ගැනීම සඳහා දැන් කැණීම් ආරම්භ කොට ඇති අතර ඒ වායේ ගුවන්යානා මිසයිල ගබඩාකර ඇති බවට ආරක්ෂක හමුදා විශ්වාස කරයි.

පසුගිය 2007 වසරේදී ප්‍රභාකරන්ගේ මේ බංකරයට ශ්‍රී ලංකා ගුවන්හමුදාව ප්‍රහාර එල්ලකිරීමත් සමඟ ප්‍රභාකරන් එය අතහැර දමා පලාගොස් ඇත.2004 වසරේ මේ භූගත බංකරය සාදා ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටි නිවෙසක පැති බිත්තියකට මායිම්ව මහජනයාටද නොපෙනෙන ආකාරයෙනි. මේ බංකරය තට්ටු දෙකකින් සමන්විත බවත් එයට වාහනයක් පවා ගතහැකි අයුරින් සකසා ඇති බවත් අනාවරණය වී ඇත.

මේ බංකරය පාදා ගැනීම සඳහා ආරක්ෂක හමුදා බුද්ධි අංශ පසුගිය මාසයේ 22දා සිට කැණීම් ආරම්භ කොට ඇති බව ආරක්ෂක අංශ භාර උසස් නිලධාරියකු පැවැසීය.

මේ දිනවල උතුරු ප්‍රදේශයට පවතින වර්ෂාසහගත තත්ත්වය නිසා එම දුෂ්කරතා මධ්‍යයේ එහි කැණීම් කටයුතු සිදුකරගෙන යන බවද ඔහු සඳහන් කෙළේය. මේ බංකරය ප්‍රභාකරන් සකස් කළ අන්දම ගැන ප්‍රදේශවාසීන් තොරතුරු හෙළි කර තිබේ. ප්‍රභාකරන්ගේ දරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි පාසලකට යවා තිබෙන්නේ මේ බංකරයේ සිටයි.

උපුටා ගැනීම: මව්බිම

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us