Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ද ඇතුළුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් 2010 වසරේදී පැහැර ගනු ලැබූ එම්.වී. ඇල්බෙඩෝ නෞකාව මුහුදුබත් වී තිබේ.

මේ නිසා එහි සිටි කොල්ලකරුවන් 6 දෙනෙකු, කාර්ය මණ්ඩලයේ 2 දෙදෙනෙකුද ඇතුළුව 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක සිට එකී නෞකාව මුහුදුබත් වෙමින් තිබී ඇති අතර එය ඊයේ දිනයේ සම්පූර්ණයෙන්ම මුහුදු බත් වී ඇතැයි එම වාර්තාවල දැක්වෙයි. මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රධානියෙකු විදෙස් මාධ්‍ය ආයතනයකට මේ බව අනාවරණය කර තිබේ.

කෙසේ වෙතත් කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්ව සිටින බව ද එම වාර්තා අනාවරණය කරයි.

එම්.වී. ඇල්බෙඩෝ නෞකාව ඩුබායි සිට කෙන්යාවේ මොම්බාසා දක්වා යමින් තිබියදී මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා විට එහි 23 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිටි බව පැවසෙයි.

පකිස්ථානු ජාතිකයින් 07ක්, ලාංකිකයින් 06ක්, ඉන්දියානුවන් 02ක්, ඉරාන ජාතිකයෙක්ද සමගින් සෝමාලියාවේ මොගඩිෂු සිට නාවික සැතපුම් 900ක් ඈත මුහුදේදී එකී නෞකාව කොල්ලකරුවන් විසින් 2010 නොවැ. 26 වෙනිදා පැහැර ගන්නා ලදී.

ඔවුන්ගෙන් පකිස්ථානු ජාතිකයින් 7 දෙනා අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක මුදලක් ගෙවීම හේතුවෙන් කොල්ලකරුවන් විසින් 2012 අගොස්තු මස මුදා හැර ඇත.

කෙසේ වුවද නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයෙකු මියගොස් ඇති අතර ඔහුගේ මරණය සැක සහිත බව කියැවිණ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us