Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දඩ කොලයක් ලියුවාට උරණ වූ
BMW කාර් එකේ නෝනාව
පොලිසිය අද අල්ලලා (වීඩියෝ)

දඩ කොළයක් ලියන අවස්ථාවක පොලිසිය සමග වාදයකට පැටළුණ කාන්තාවක කෝපයට පත්ව පොලිස් නිලධාරීන්ගේ උපකරණ පැහැරගැනිමේ සිද්ධියක් නිසා අද පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මාලඹේ ප්‍රදේශයේදී පසුගිය දිනෙක රාත්‍රී කාලයේ උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ බව කියන මෙම කාන්තාව පදවාගෙන ගිය බීඑම්ඩබ්ලිව් කාර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා ඇයට දඩ කොළය ලියූ අවස්ථාවේ ඇය මේ ආකාරයට නැවතීම ගැනත් රියදුරු බලපත් ලබාගැනිම ගැනත් විරෝධය පළකර තිබුණා.
එම අවස්ථාවේ කෝපයෙන් කෑගසමින් කථා කළ එම කාන්තාව සිය කෝපය හැ`ගවිම සඳහා
රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද හිස් වැස්මක්ද පැහැරගෙන ගිය බව පැවසුණා.
සිද්ධිය අවස්ථාවේ ඇගේ සැමියාද වාහනයේ සිටි අතර අසනීප වූ දරුවා බලාගෙන සිටි නිසා ගැටලූව කථාකරන්නට සැමියා මැදිහත්වූයේ නැත.

මෙම සිද්ධියේ ජංගම දුරකථන වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලයේ පළව තිබුණා. අද එම කාන්තාව හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා.
පොලිස් සැරයන්වරයකු ළඟ තිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන යාම ඇයට එරෙහි චෝදනාවයි.

ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කරමින් පොලිස් පොත් හා හෙල්මටයද පොලිසියට බාරදී තිබුණ අතර ඔහු කියා ඇත්තේ බිරිය අසනීප ගතියෙන් පෙළෙන බවකි.
කෙසේ වෙතත් මොවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිදුවීම අන්තර්ජාලයටද මුදා හැර තිබුණ වීඩියෝව පහතින්


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us