Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - අද එළැඹ ඇත්තේ ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රැසක්‌ සිදුවූ පොහෝ දිනයකි. ඒ ඉල් පුර පසළොස්‌වක පෝය දිනයයි. මෙම උතුම් වූ දිනයෙහි සිදු වූ වැදගත් ශාසනික සිදුවීම් මෙසේයි.
මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම, ප්‍රථම රහත් සැටනම ධර්ම චාරිකාවෙහි පිටත්කොට යෑවීම, තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම, තව්තිසා දෙව් ලොව සිට මිනිස්‌ ලොවට වැඩීමෙන් පසුව දේවාවරෝහනය දේශනා කිරීම, දකුණු අග්‍ර ශාවක ප්‍රඥවන්තයන් අතුරින් අග්‍ර වූ සැරියුත් මහරහතන් වහන්සේ තම මෑනියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම, පසුවස්‌ පවාරණය, කඨින චීවර පූජා

කළ හැකි චීවර මාසයේ අවසාන දිනය යනුවෙන් එම වැදගත් සිදුවීම් සඳහන් කළ හැකිය.

සම්මා සම්බෝධිය පතාගෙන පාරමී දම් පුරන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ, ගෞතම බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ පැවිදි වූයේ මෙවැනි ඉල් පුර පසළොස්‌වක පොහෝදා දිනයකය. මෙසේ පැවිද්ද ලැබූ මෛත්‍රී තෙරුන් වහන්සේ උපසම්පදාව ලැබ බුදුවදන් මැනවින් හදාරා විශාල වූ භික්‍ෂූන් වහන්සේ පිරිසකට එම ආශ්චර්යමත් දහම් කියා දුන්හ. එක්‌ වස්‌ කාලයක අවසානයේ දායකයන් වෙතින් වටිනා වස්‌ත්‍ර දෙකක්‌ වස්‌සාවාසික ලෙස චීවර ලෙස ලැබූහ. තෙරණුවන් වහන්සේ චීවර දෙකෙන් එකක්‌ ගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා කුටියෙහි වියනක්‌ කොට පූජා කළහ. අනෙක්‌ වස්‌ත්‍රය තීරු වශයෙන් ඉරා මහ වියන් කෙළවර වටකොට එයද බුදුරජාණන්වහන්සේට පූජා කළහ. භික්‍ෂු සංඝයා මැද වැඩ සිටි මෛත්‍රී බෝධි සත්ව මහ තෙරුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

"මහණ ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධ වන්නේය." මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට නියත විවිරණ ලබාදුන් සේක.

අඤ්ඤ කොණ්‌ඩඤ්ඤ මහරහතන් වහන්සේ ප්‍රධාන රහත් හැට නම ධර්මදූත චාරිකාව ආරම්භ කළහ. භාග්‍යවතුන් වහන්සේ රහත් හැට නම ආමන්ත්‍රණය කොට මෙසේ වදාළහ. "මහණෙනි, මම සියලු දිව්‍ය වූද මනුෂ්‍ය වූද කෙලෙස්‌ පුඬුවෙන් මිදුනෙමි. නුඹලාද එසේම එයින් මිදුනාහුය. මහණෙනි, බොහෝ දෙනාගේ දියුණුව පිණිස, බොහෝ දෙනාගේ යහපත පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිසුන්ගේ දියුණුව පිණිස, යහපත පිණිස, සැප පිණිස, ගම් නියම් ගම්හි හැසිරෙන්න. ඔබ දෙදෙනෙක්‌ එක්‌ මඟකින් නොයන්න. මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත ව්‍යඤජන සහිත සියලු ආකාරයෙන් පරිපූර්ණ පිරිසිදු ධර්මය දේශනා කරන්න. බ්‍රහමචරියාව ප්‍රකාශ කරන්න. මඳ වූ කෙලෙස්‌ ඇති සත්වයෝ ඇත්තාහ. අසන්නට නොලැබුනොත් ඔවුනට උසස්‌ ගුණ නොලැබී යයි. ධර්මය අසා අවබෝධ කරගන්නෝ වෙති. එබැවින් ඒ ධර්මය දෙසීමට පිටත්ව යන්න. මම ද දහම් දෙසීම පිණිස උරුවෙල් දනව්වට යන්නෙමි."

ඒ එදා ඇරඹි සදහම් හඬ, බුදුරදුන් පිරිනිවියද තවමත් ලොව පවතී. ඔබද මමද ඒ උතුම් වූ පිරිසිදු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කරමු. උතුම් තෙරුවන් සරණයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us