Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මීට කලකට ඉහතදී නාමල් උඩුගම විසින් ගායනා කළ රෑ සිහිනෙන් කියන ගීතය දැන් වෙනත් කටහඬකින් අසන්නට ලැඛෙනවා. ඒ ශිහාන් මිහිරංගගේ හඬින්. මේ ගීතයේ සැබෑ හිමිකරුවා කවුද? නාමල් විසින් ගීතය ශිහාන්ට මුදලට විකුණලද? මේ ගිතය සම්බන්ධයෙන් ශිහාන් පවසන්නේ මෙවන් කතාවකි.
මෙතන කිසිදු වංචාවක් හෝ ආන්දෝලනයක් සිදුවෙලා නැහැ. සියල්ල බොහෝම පැහැදිලිව සිදුවෙලා තියෙන්නේ. ඔය ගීතය නාමල් අයියා ගයන කාලේ ජනප්‍රිය වුණ ගීතයක්. නමුත් මේ මෑතකදී නාමල් අයියා මට ආරාධනාවක් කළා මේ ගීතය
ශිහාන් මල්ලි කියන්න කියලා. ඔහු පෞද්ගලික දුරකතන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹෙලා මට ඊට ආරාධනා කළේ.
             එතැනදී සිදුවුණේ සෙන්ටිග්‍රේඩ්ස් සංගීතයට මම මගේ හඬ මුසු කළ එක පමණයි. ඊට මට ලැබිය යුතු මුදල පවා මම ලබා ගත්තා. ඒ සඳහා ගිවිසුම් ගත කළ ලිපිගොනු පවා මා ළඟ තියෙනවා.

මේ ගීතය ගයන්න අවසරයක් තියෙනවා. නමුත් මට මේ ගීතය කියලා හම්බකරන්න අවශ්‍ය නැහැ. ප්‍රසංගවල මගේ ජනප්‍රිය ගීත ගායනා කරන්න පුලුවන්
පැහැදිලිවම මට අයිතියක් දීලා තියෙනවා ලිඛිතව, මට එය ගායනා කරන්න පුළුවන් කියලා. මට මේ ගීතය ගයලා හම්බ කරන්න අවශ්‍ය නැහැ. හේතුව මම මගේ ජනප්‍රිය ගීත තියෙනවා ප්‍රසංගවල ගායනා කරන්න. නාමල් උඩුගම කියන්නේ මා ඉතාම ප්‍රිය කරන ප්‍රවීණ ගායකයෙක්. ඒ ගෞරවය මා ළඟ තියෙනවා. ඒ නිසා ඔහුගේ ආරාධනයෙන් මා එම ගීතය ගායනා කළේ. එක්තරා අවධියක ඔහු ජනප්‍රියම තලයේ හිටියේ. පසුව මා ජනප්‍රියම තලයට ආව නිසා ඔහු විසින්මයි අපි මෙහෙම දෙයක් කරමු කියන යෝජනාව මට රැගෙන ආවේ.
             අද මට බොහෝ දෙනෙක් විවිධ දේ කියනවා. මම ඒ ගීතවලින් හම්බ කරනවා කියනවා. අනුන්ගේ ගීත ගයනවා කියනවා. මේ සියලු දේට නාමල් අයියා පිළිතුරක් දෙන්න ඕන. ඒකයි මම ඇත්ත තත්ත්වය පැහැදිලි කළේ.


මම කළේ හඬ විකුණපු එක විතරයි. මේ ගීතය අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරද්දිත් නාමල් අයියාටත් මුදලක් යනවා
මෙය එක්තරා පෞද්ගලික ආයතනයක් එක්ක නාමල් අයියා ඇති කර ගත් ගිවිසුමක්. ඒ නිසා රිංගින් ටෝන්වලට මෙය ලබාදෙන්න පුළුවන්. ඒ වගේ ම මේ ගීතය ප්‍රචාරය වෙන්න වෙන්න මුදල් ගලාගෙන යන්නේ නාමල් අයියටයි එම ආයතනයටයි. මට කිසිදු මුදලක් නැවත ලැඛෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්න ඕන මේක නාමල් අයියගේ ම ප්‍රොජෙක්ට් එකක් මිස මගේ දෙයක් නෙවෙයි. නැවත නැවතත් කියන්න ඕන මම කළේ මගේ හඬ විකුණපු එක විතරයි. අද මේ ගීතය මෙතරම් ජනප්‍රිය ශිහාන් මිහිරංගගේ රසිකයින් එය ආදරයෙන් වැළඳ ගත් නිසයි.
         ඒ නිසා එය අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න අයගෙන් පවා මුදලක් ඔය ආයතනයටත් නාමල් අයියටත් යන බව මට කියන්න ඕන.

නාමල් අයියාගේ තවත් ගීත කියන්නත් මට ආරාධනා කළා
මේ ගීතය පමණක් නෙවෙයි තවත් ගීත කිහිපයක් ම කියන්න ඔහු මට ආරාධනා කරලා තියෙනවා. නමුත් දැන් මේ සිදුවුණ දේ හැමෝම පැහැදිලිව දැනගත යුතුයි. ඒ නිසා මම දෙපාරක් හිතයි. එක දෙයක් කිවයුතුයි මම ඔය ගීතයට මගේ හඬ අලෙවි කළා. ඒ වෙනුවෙන් ලැබිය යුතු මුදල මට ලැබුණා. එපමණයි. මෙය ඉදිරියටත් කියන්න මම අවසර තිබුණත් ඒ ගැන මම සිතා බලාවි.

රෑ සිහිනෙන් ගීතය නාමල්ගේ හඬින්


රෑ සිහිනෙන් ගීතය ශිහාන්ගේ හඬින්

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us