Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - මෙරට භාරතී එයාටෙල් සමාගම සිය පෙර ගෙවුම් පාරිභෝගිකයන් කොල්ල කමින් සිටින බව ‘පැපරාසියාට’ වාර්තා වේ.

මෙම කොල්ලය ඔවුන්ගේ තප්පරෙන් පංගුවක් අය කිරීමේ ක‍්‍රමවේදය හරහා සිදුකරනු ලබන බව ද වාර්තා වේ.


මෙම වංචාව සාමාන්‍ය පාරිභෝගිකයෙකුට ලෙහෙසියෙන් සොයා ගැනීමට නොහැකි වූව ද පාරිභෝලිකයන් ඇතැම් විට වෙනත් ජංගම දුරකතන ජාලවලට වඩා ගන්නා ඇමතුම්වලදී එයාටෙල්හි මුදල් ක්ෂයවීම ඉක්මනින් සිදුවන බව පවසයි.

පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට පසු ගෙවුම් පාරිභෝගිකයන් මෙන් තමාගේ කාලය පසුව පරික්ෂාවකට ලක් කළ නොහැකි බැවින් ඔවුන් මෙම වංචාව සූක්ෂමව සිදු කරන බව ද වාර්තා වේ.

භාරතී එයාටෙල් සමාගම ආරම්භ කිරීමෙදී ඔවුන් සිතූ ඉල්ලක්ක සපුරා ගැනීමට නෙහැකි වී ඇති අතර ඔවුන් මේ වන විට ශී‍්‍ර ලංකාවේ දුරකතන ජාලය ශක්තිමත් කිරීමට ආයෝජනය කිරීම නවතා දමා තිබේ.

එම සමාගම ඒ වෙනුවට අප‍්‍රිකානු රටවලට ආයෝජනය කිරීමට පටන් ගෙන තිබේ.

පසුගිය කාලයේ මංකොල්ල කෑම් බියවැද්දීම් හා පාතාල කි‍්‍රයාවන් සඳහා වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ එයාටෙල් දුරකතන සම්බන්ධතා බවද ආරක්‍ෂක අංශ තොරතුරුවලින් වාර්තා වේ.

ඔවුන් විසින් සම්බන්ධතාවය ලබාදෙන පුද්ගලයාගේ සම්පූර්ණ විස්තර ගබඩාකර නොගෙන දුරකතන සම්බන්ධතා ලබාදීම හේතුවෙන් මෙවන් සිදුවීම මැඩලීම ආරක්‍ෂක අංශවලට හිසරදයක් බවට පත්ව ඇති බව ද මේ අතර වාර්තා වේ.

එයාටෙල් සමාගමේ මෙම වංචාකාරී කි‍්‍රයාවන් සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇතත් ඒවා ආණ්ඩුවේ ප‍්‍රධානියකු වන ගාමිණී සෙනාරත්ගේ උපකාර මත යටගසාගෙන ඇති බව ද වාර්තා වේ.

අනෙක් ආයතනවලට මේ සම්බන්ධයෙන් එළිපිට ප‍්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇත්තේ  විදුලි සංදේශ කොමිසම නීනිරිතිවලට අනුව තරගකාරීන්ගේ අඩු පාඩු දැන්වීම්වලින් පෙන්වීම තහනම් නිසා බව ද වාර්තා වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us