Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න වෙත දකුණු ඉන්දියාවෙන් තර්ජන එල්ලවී ඇති බව වාර්තා වනවා.ඔහු මේ බව ප්‍රකාශකලේ පසුගියදා ස්වාධින රුපවාහිනියේ විකාශය වූ "වෙනස" වැඩසටහනට සහාභාගී වෙමින්.

ඉරාජ් විසින් වෙට්ටිකාරන් නමැති දකුණු ඉන්දියානු චිත්‍රපටයකට "චීන්න තාමරෙයි" නම් ගීතයක් නිර්මාණය කර දීම මෙම ගැටලුවට මුල් වී ඇත.

මේ ඉරාජ්ගේ ඔහු මුහුණපා ඇති තත්වය පැහැදිලි කල අයුරුයි. 


"මම එහෙදි විජය කියන ඇක්ටර්ගේ චිත්‍රපටයක ගීතයක් නිර්මාණය කළා "චින්නතාමරේ" කියලා.ලංකාවේ තව අපිත් එක්ක ඉන්න ටැමිල් වලින් රැප් කරණ කෙනෙකුත් මේ ගීතයට දායක වුනා..

ඒ ගීතය "Most popular song of the year " උනා එහේ...ඉතින් ඊට පස්සෙ මට එහේ ගොඩක් වැඩ කරන්න අවස්ථාව ලැබුනා..ෆිල්ම්ස් ගොඩක් කළා..

නමුත් ඊට පස්සේ මට වැඩ කරන්න බැරි උනා..මොකද එහෙ මිඩියා වලින් විජේට ඇටැක් කළා...ඔයා ලංකාවේ LTTE යුද්දෙ කාලේ ඔයා කෑගැහුවා නමුත් ඔයාගේ චිත්‍රපටියේ එක සෝන්ග් කරලා තියෙන්නෙ ලංකාවේ සිංහල කොල්ලෙක්.. 

මෙයා "අපි වෙනුවෙන් අපි" කියල ලංකාවේ යුද හමුදාවට ගීතයක් කරල තියනවා.. ඕකෙන් මට මඩ ප්‍රහාරයක් වැදුනා.

ඊට පස්සේ මට එහේ වැඩ කරන්න බැරි තත්වයක් ආවා.එකපාරක් එයාර් පොර්ට් එකේදී මාව අල්ලගෙන පොඩ්ඩක් කරදර කරලා මාව ඊට පස්සේ ඇතුලට දාලා පැයගානක් ඊට පස්සේ අපේ ලංකාවට මම කතා කරලා එම්බසියෙන් ඇවිත් තමා මාව එලියට ගත්තේ.

දැන් එහේ ගවමන්ට් එකත් මාරැ වුනා දැන් වැඩේ සැරයි..ඇත්තටම කිව්වොත් දැන් එහේ වඳින්නවත් යන්න බෑ.මගේ ස්ටූඩියෝ එකකුත් තියනවා..මගේ තාම බඩුත් එහේ තාම ගෙන්න ගන්න විදිහක් නෑ.."


එහි වීඩියෝව පහතින් 


ඉරාජ් නිර්මාණය කල ගීතය


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us