පසුකාලීන බෞද්ධාගමිකයෙක්
පසුගිය 17 වනදා ලෝකයම කම්පා කරමින් වෙනිසියුලානු රූ රැජිණි ඊවා එක්වල් මරණයට පත් වුණා’ ඇගේ මරණයට හේතුව පියයුරු පිළිකාවක්’ 2000 වසරේ වෙනිසියුලානු රූ රැජිණ බවට පත්වුණ ඇය ඛෙූද්ධාගමිකයෙකුද වූ අතර මිය යන විට 28 හැවිරිදි වියේ පසු වුණා’
විශ්ව රූ රැජිණ තරගයේ වෙනිසියුලාව නියෝජනය කරමින් සිව්වන තැන දිනාගන්නටත් සමත්වූ ඊවා වයස අවුරුද්දක්වූ දියණියකගේ මවක්’
ඇගේ පියයුරු පිළිකා රෝගී ලක්ෂණ මුල්වරට දිස්වූයේ පසුගිය වසරේ(2010) ඇගේ ප්රථම දරු උපත සිදුවී මාසයකින්’
කුඩා කාලයේ සිටම ඉංග්රිසි හා ස්පාඤ්ඤ භාෂා මැනවින් හැසිරවූ ඇය රූ රැජිණ ලෙස අභිෂේකයෙන් අනතුරුව ජනප්රිය රූපවාහිනී නිවේදිකාවක් හා ගත් කතුවරියකද වූණා’
ඇය පියයුරු පිළිකාවේ භයානකකම ගැන ලෝකය දැනුවත් කිරීමට තමැර් ාැ තදජද :ධමඑ දෙ තදජමි- නමින් ග්රන්ථයක්ද රචනා කළේ ඇගේම අත්දැකීමි විස්තර කරමින්’
ලෝකයම ආකර්ෂණය කරගන්නා රූ සපුවකින් හෙබිව සිටියත් රෝගී තත්වය නිසා ඇයට අවසන් කාලයේ කොණ්ඩය බූගාගන ලෝකයෙන් ඈත්ව කල්ගත කරන්නට සිදුවුණා’
සිය පියාගේ කියවීම් සහ මග පෙන්වීම අනුව දැඩි විශ්වාසයක් ඇතිවී පැවති ආගම අතැර බුද්ධාගම වැළඳගත් ඇය වෙනිසියුලානු රූ රැජිණ බවට පත් එකම ක්රිස්තියානි නොවන තැනැත්තිය බවටද වාර්තාගතවී තිඛෙනවා’
දලයිලාමාගේ බෞද්ධ දර්ශනය ගැන දැඩි විශ්වාසයකින් හා කැපවීමකින් ඇය ක්රියා කළ බවත් ඇගේ ග්රන්ථ රචනාවල මේ ආභාසය පැවති බවත් වාර්තා වනවා’
පසුගිය 17 වනදා ඇය මියගියේ ඇමරිකාවේ හූස්ටන් නුවර රෝහලකදීය’
ඇය 200 වසරේ වෙනිසියුලානු රූ රැජිණ වූ අවස්ථාවෙහි වීඩියෝව බලන්න පහතින්
















