එල්ලී මිය ගිය
එප්පාවල තිදෙනාගේ
තොරතුරු එළිවෙයි
පසුගිය සතියේ එප්පාවල කඩිගාව ගම්මානයම කම්පාවට පත් කරමින් තරුණියන් දෙදෙනෙකු සහ හිටපු කොමාන්ඩෝ සෙබළ තරුණයෙකු මිය යාමේ සිද්ධිය පිළිබඳ අභිරහස් තොරතුරු කිහිපයක් දැන් අනාවරණය වී තිඛෙනවා’
අක්කා නගෝ වූ පාසල් යන වයසේ මේ තරුණියන් දෙදෙනාම රුවන් නමැති එකී තරුණයා සමග අඹුසැමියන් ලෙස හැසිරෙමින් වාසය කළ බවත් එයට එරෙහිව බැණ වදිමින් වෙනම වාසය කළ කවිඅම්මා නමැති තරුණියන්ගේ මවගේ පැමිණිල්ල නිසා තරුණයාව පොලිසිය අල්ලාගෙන ගියහොත් උසාවියේදී සියල්ල හෙළිකරන්නට සිදුවෙතැයි ලැජ්ජාවෙන් හා බියෙන් පසුවූ බවත් වාර්තා වනවා’
මේ මරණ සිදුවන්නට පෙර ඇතිවූ ආරවුල් අතරදී මියගිය රුවන් දිනක් පවසා තිඛෙන්නේ”
'උඹලා ඔක්කොම මරලා දානවා... හැබැයි නිකම් නෙවෙයි...ටී.වී එකේ පත්තරේ යන විදියට...' ලෙසිනි’
මේ ආකාරයට නයිලෝන් ලණු වලින් එල්ලී පළාතටම පෙනෙන ලෙස එල්ලී මැරුනේ ඒ
අදහස ක්රියාවට නංවන්නට බව දැන් සැක පහළවී තිඛෙනවා’ මියගියවුන් බලාපොරොත්තු වූ පරිදි මේ ආරංචිය ජනමාධ්ය මගින් දැඩි කතාබහකට ලක්විය’
ඒ දිනවල කොයි මොහොතක හෝ රුවන් තමාවත් දරුවනුත් මරා දමන්නට බොහෝ සෙයින් ඉඩ ඇති බවට සැක කර තිබුණු කවිඅම්මා වෙනම වාසය කරමින් දරුවන්ද තමන් භාරයට ගන්නට උත්සාහ කළත් තරුණියන් දෙදෙනාම රුවන් හා පැවති අසාමාන්ය සම්බන්ධය නිසා එම නිවසින් පිටතට යන්නට අකමැත්තෙන් සිටි බවද වාර්තා වුනා’
මේ අතර මරණ සිදුවන්නට පෙර දිනයේ 15 හැවිරිදි බාල දියණිය මීටර 17ක් දිග නයිලෝන් ලණුවක් අසළ පිහිටි ටවුමේ කඩයකින් මිලට ගෙන තිඛෙන බවද තොරතුරු අනාවරණය වී තිඛෙනවා’මෙම ලණුව තුන් දෙනෙකු එල්ලීම සඳහා තුනට කපාගෙන තිඛෙන බවත් එය රැගෙන කොහොඹ ගස පාමුලට ගෙනගොස් මරණයට පෙර තිදෙනාම
සිසිල් පැන් පානය කර තිඛෙන බවත් අනාවරණය වී තිඛෙනවා’
ලණු තුන ගසේ එකම තැනක සිට කොහොඹ ගසේ ඉහළ තැනකට විසිකර එහි අතුවල රැඳවෙන ලෙස ගැටගසා තිඛෙන බවත් තිදෙනාම අනතුරුව තොණ්ඩු සාදාගෙන ඛෙල්ලේ රඳවා ගසින් පැන ඇති බවත් අනාවරණය වනවා’
මුලදී සැක කලේ එතරම් උස තැනකට මේ තරුණියන් දෙදෙනා ගියෙ කෙසේද යන්නයි. නමුත් පරීක්ෂණ වලදී අනාවරණය වන්නේ පැන්නා යයි සැකකරන ලද අත්තට තිදෙනාම ගොස් තිබන බවට සලකුණු ඇති බවය. බාල නැගණිය ගස් නගින්නට සමත් වුවත් වැඩිමලා එසේ නොවන බව කවිඅම්මා පවසා තිබුණ අතර අනෙක් දෙදෙනාගේ උදව්වෙන් ඇයවත් එතැනට කෙසේ හෝ නග්ගා ගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරනවා.
මිය යන්නට පෙර මියගිය රුවන් තමන්ගේ මවටත් හමුදාවේ සිටින මල්ලීටත් ලිපි දෙකක් ලියා තිඛෙන අතර 'මගේ අතින් වුණ වැරදි වලට සමාවන්න' යයි ඒවායේ සටහන්ව තිඛෙන බවත් වාර්තා වනවා’මේ ලිපි දෙක මිය යන අවස්ථාවේ ඔහු සාක්කුවේ දමාගෙන තිඛෙන බවත් වාර්තා වුණා’
මේ මරණ කිසිවකු හෝ සිදු කර ඇති බවට පැවති සැකයන් දැන් තුරන්ව තිඛෙනවා’ තුන්දෙනාම සියදිවි නසාගෙන ඇති බව ඔප්පුවී තිඛෙනවා’
එප්පාවල කඩිගාව ගම්මානයම මේ සිද්ධිය නිසා කම්පනයට පත්වුණා’
මෙම සිදුවීම පිළිබඳ මින් පෙර ලිපියේ සම්පූර්ණ වාර්තාව මෙතැනින් සිද්ධිය අවස්ථාවේ ඡායාරූප එකතුව බලන්න මෙතැනින්








