Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පසුගියදා සුමති ටෙලි සම්මාන උළෙලේදී ප්‍රවීණ රංඟන ශිල්පියෙක් වන ලකී ඩයස්ට සම්මානයක් පිරිනැමුණි. ඒ ඔහු විසින් මෙහෙය වූ 'ඔබද ලක්ෂපති. මමද ලක්ෂපති' වැඩසටහන වෙනුවෙනි.
නමුත් පසු කාලයේදී එම වැඩසටහනේ ලකී ඩයස් දක්නට නොලැබුණි. ලකී ඩයස් මහතාගෙන් පසුව
'ඔබද ලක්ෂපති මමද ලක්ෂපති' මෙහෙය වූයේ චන්දන සූරියබණ්ඩාර විසිනි.
     කෙසේ වෙතත් ලකී ඩයස් මහතා ඔහුට ලැබුණ සම්මානය පිළිබඳව හා වැඩසටහනින් ඔහුව ඉවත් කිරීම පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.
     මගේ ජීවිතේ ලොකුම සම්මානය තමයි 'ඔබද ලක්ෂපති මමද ලක්ෂපති' වැඩසටහන වෙනුවෙන් ලැබුණු සම්මානය. මට මෙතෙක් ලැබුණු සම්මාන අභිබවා ගිහින් මගේ ජීවිතේ ලොකුම සම්මානය බවට පත්වුණා.
බොහෝ සම්මාන මට ලැබිලා තියෙන්නේ  රංගනයට, අධ්‍යක්ෂණයට හා නිෂ්පාදනයට කියන රංගනයට අදාළ කටයුතු සඳහායි. නමුත් මේ සම්මානය ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් කටයුත්තක් සඳහායි. මේ ලැබුණු සම්මානය මට ජීවිතයටත් වඩා වටිනවා. ලක්ෂපති වැඩසටහන කරන කාලයේදී අසීමිත ජනප්‍රියත්වයක් වගේම වැඩිම පිරිසක් නරඹන වැඩසටහනක් විදියට අපි වාර්තාවක් තිබ්බා.
     ඒත් මොකක්දෝ දෙයකට වගේ වැඩසටහනෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒත් අද ඒ තිබුණු තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා. යන යන තැන හැමෝම අය මැසිවිලි නඟන්නේ ලකී ඩයස් නැතුව අපි මේ වැඩසටහන නරඹන්නේ නෑ කියලයි.
                               ඒක එක්තරා විදියක දුකක්. ඒ වගේම අනිත් පැත්තෙන් සතුටකුත් නැතිවාම නෙවෙයි. මොකද ඒ නිසාම වෙන්න ඇති මගේ තිබුණු අගය තේරුම් ගත්ත ජූරියක් මට මේ සම්මානය ලබා දුන්නේ.’

ලක්ෂපති වැඩසටහනේ දැන් ඔබ නැත්තෙ ඇයි?

ඒ ගැන අපි කතා නොකර ඉමු. මේ කොහොම වුණත් මේ සම්මානය ලබා ගැනීමට මට උදව් කළ අය බොහොමයක් මේ සම්මානය පිටුපස ඉන්නවා. අපි ඔවුන් පිළිබඳ කතා කරමු. ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩ සටහනේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිලේන්ද්‍ර දේශප්‍රියට මගේ ස්තුතිය පළමුව හිමි විය යුතුයි.

මොකද මේ වැඩසටහනට මාව යොමු කළේ ඔහුයි. ඒ වගේම මේ වැඩ සටහන ලෝක ප්‍රසිද්ධ වැඩ සටහනක්. එංගලන්තයෙන් පැමිණි ඒ පිරිස වැඩසටහන මෙහෙයවීමට මා තෝරා ගැනීම පිළිබඳ ඔවුන්ටත් මා ස්තුති කළ යුතුයි. වැඩසටහන මෙහෙය වීමේදී තිරය පසුපස බොහෝ දෙනෙක් රැඳී සිටියා. මගේ කටයුතු සොයා බැලීමට වෙනම පිරිසක් යොදවලා තිබුණා.

වෙරෝනිකා ඒ වගේම ධනුෂ්ක කියන සම අධ්‍යක්ෂවරයා, විරාජ් වැලිවත්ත කියන අධ්‍යක්ෂවරයා ඇතුළු හැම දෙනාම මතක් කළ යුතුයි. මේ සම්මානය පිටුපස ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයත් තිඛෙන බව කියන්නේ මම බොහොම කැමැත්තෙන්. ඒ වගේම මට සම්මානයක් ලබා දුන්න ජුරිය නිවේදකයෙක් ලෙස මා ඇරැඹූ ගමනේ සාර්ථකත්වය සනාථ කළා. මගේ ස්තුතිය ඔවුන්ටත් හිමි විය යුතුයි.’

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us