Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිටි ටෙලිනාට්‍ය නිළියක් රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත පසුගිය වසරේදී මුදාහරින ලදී.

පසුගියදා ඇයගේ නඩුව නැවත විභාග වූ අවස්ථාවේ සැකකාරියට විරුද්ධව ඇත්තේ දුරකථන ඇමතුමක් පමණක් හෙයින් ඇයගේ ඇප කොන්දේසි ලිහිල්කොට ඇත.

මෙසේ ඇප මත මුදාහරින ලැබුවේ "චරිතයකට පාට දෙන්න" ටෙලි නාට්‍යය තුලින් රංගනයට පිවිසි ටෙලි නාට්‍යය නිළියක වන දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංය.
අප වෙත වාර්තා වන පරිදි සිදුවීම මෙසේය.

දිනේෂා විසින් මහරගම ජනතා මාවතේ පදිංචි චන්දන පුෂ්පලාල් නම් විවාහක තැනැත්තෙකු සමග සම්බන්ධයක් පවත්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් ඇගේ නමට මාදිවල ප්‍රදේශයෙන් දෙමහල් නිවසක් මිලදීගෙන ඇත.

එය ලබා දීමට ප්‍රථම එහි අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ඔහු සේවකයන් දෙදෙනෙක් සමග ගොස් එම නිවසේ සිට ඇත. එහිදී එක් දිනක් රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු යතුරුපැදියෙන් පැමිණ යමක් විමසන මුවාවෙන් ඔහුව එම දෙමහල් නිවසේ ගේට්ටුව අසලට කැඳවාගෙන ඔහුට වෙඩි වරුසාවක් එල්ලකොට ඇත.නමුත් කිසිදු වෙඩි පහරක් ඔහුට වැදී තිබුනේ නැති අතර එම අනතුරෙන් ඔහු දිවි ගලවාගත්තේය.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම තැනැත්තිය ශාමල් ගුණරත්න නම් තැනැත්තෙකු සමගද පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයගේ අනුදැනුම මත ශාමල් නම් පුද්ගලයා විසින් මෙසේ ඝාතන තැත ක්‍රියාත්මක කොට ඇති බවත්ය.

ශාමල් ගුණරත්න මේවනතෙක් අත්අඩංගුවට පත්වී නොමැත. මෙම සිදුවීමේ ඝාතන තැතෙන් දිවි බේරාගත් චන්දන පුෂ්පලාල් ගේ බිරිඳ හා දරුවන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඇයගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් ඔහු විසින් ගල්කිස්ස අධිකරණයට ගොනු කොට ඇත.

දිනේෂා විසින් දිවයින පුවත්පතට ලබාදුන් සකාච්චාවකදී පහත අදහස් දක්වා තිබුණි.

දිනේෂා ඔබ මොනවගේ චරිතයක්‌ද?
"මම මහපොළවෙ පය ගහල ජීවත් වෙන සරළ කාන්තාවක්‌. මම අභියෝග ජය ගන්න කැමති කෙනෙක්‌. ඒ වගේම මම යම් කිසි අරමුණක්‌ ඇති වුණොත් කාලයක්‌ ගතවෙලා හරි මම ඒ අරමුණ ඉටුකර ගන්නවාමයි.

මම ආදරයට සංවේදියි. ඒත් අද දවසේ මම නිදහසේ ගතකරන ජීවිතයට මම කැමතියි. ඉදිරි කාලයේ හැම දෙයක්‌ම තීරණය කරයි. මොකද එවැනි තීරණයක්‌ ගතයුත්තේ හොඳ අවබෝධයකින්. නිවැරදි තීරණයක්‌ නොගත්තොත් මුළු ජීවිතයම බිඳවැටෙනව. මම අද ආදරය කරන්නෙ කලාවට මම කලාවත් එක්‌ක අද දවස සතුටින් ඉන්නව".

දිනේෂා විසින් දිවයින පුවත්පතට ලබාදුන් සකාච්චාව

"මම ඉපදුනේ රත්නපුරේ. තාත්ත තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියෙක්‌. අම්ම හෙදියක්‌ මට ඉන්නෙ අක්‌කයි අයියයි...

ඒත් අද ඔබ රංගන ක්‍ෂේත්‍රයට පය තියල අහවරයි.

ඉස්‌කෝලෙන් අස්‌වුණාට පස්‌සෙ ගෙදර අය මාව ව්‍යාපාර ක්‍ෂේත්‍රයට යොමු කළා. අපේ පවුලේ තිබුණා දැව භාණ්‌ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්‌. මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා කටයුතු කරද්දි මම ගොඩාක්‌ ජීවිතය ගැන සමාජය ගැන අත්දැකීම් ලැබුවා. ඒ අතර පුංචි කාලෙ ඉඳන් මගේ තිබුණ අරමුණ මම අත්හැරියෙම නෑ.

ඔබගේ නිෂ්පාදිකා හා රංගන භූමිකාව පටන් ගත්තෙ.

නිෂ්පාදනයට පසුබිම සකස්‌ කරගෙන මායාදුන්න බණ්‌ඩාර මහත්මයට කියල මගේම අදහසකට අනුව තිර පිටපතක්‌ ලියවාගෙන "චරිතයකට පාට දෙන්න" ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. එහි මට ගැලපෙන චරිතයක්‌ තිබුණ නිසා රංගනයටත් මම ප්‍රවේශ වුණා. මේ තුළින් පුංචි කාලෙ ඉඳන් දැක්‌ක සිහිනය සැබෑ වුණා. මේ වෙත්දි මම මගේ දෙවැනි නිෂ්පාදනය වෙනුවෙන් සූදානම් වෙනව. ජුනි - ජුලි මාසවලදි එහි වැඩකටයුතු පටන් ගන්නව.

දිනේෂා කරමින් සිටි ව්‍යාපාර අත්හැරල මේ වෙද්දි කලාව වෘත්තිය කරගෙනද?

මම කලාවට හරිම ආදරෙයි. මම මේ ක්‍ෂේත්‍රයට ආවෙ කලාව තුළින් සමාජයට මෙහෙයක්‌ කිරීම හා මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කලාව ව්‍යාපාරයක්‌ හෝ රැකියාවක්‌ කරගන්න මගේ අදහසක්‌ නෑ.

දිනේෂා රඟපාන්නෙ ඔබ නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යවල විතරද?

නැහැ. මම කැමතියි හොඳ චරිත රඟපාන්න. තවම මට නිර්මාණවලට ඇරයුම් ලැබී නැහැ.

නිළියක්‌ විදිහට කුළුඳුලේ දොරට වඩිද්දි ලැබුණ ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර තියෙනව. මෙම නිර්මාණයට සම්බන්ධවෙලා ඉන්න සියලුම රංගන ශිල්පීන් ප්‍රවීනයන්. ඉතින් ඒ ප්‍රවීනයන් එක්‌ක රඟපාද්දි මගේ අලුත් බව පෙනුනෙ නැහැ කියල ගොඩක්‌ අය පැවසුවා.

ඔබේ වර්තමානය

"මම දැන් පදිංචිවෙලා ඉන්නෙ නුගේගොඩ. මේ වෙද්දි බොහෝම නිදහසේ මගේ වැඩකටයුතු කරගෙන සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනව.

රඟපෑමට ගෙදරින් තිබුණ තහංචි දැන් ඉවත් වෙලාද?

එහෙමමත් නැහැ. අදටත් ගෙදරින් ලොකු කැමැත්තක්‌ නැහැ. ඒත් දැන් බලපෑම් කරන්නෙත් නැහැ.

ඔබේ අනාගත බලාපොරොත්තු

හොඳ චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමයි.

අප විමසන්නේ පෞද්ගලික දිවියේ බලාපොරොත්තු විවාහය ආදරය වැනි කරුණු.

"මම ආදරයට සංවේදියි. ඒත් අද දවසේ මම නිදහසේ ගතකරන ජීවිතයට මම කැමතියි. ඉදිරි කාලයේ හැම දෙයක්‌ම තීරණය කරයි. මොකද එවැනි තීරණයක්‌ ගතයුත්තේ හොඳ අවබෝධයකින්. නිවැරදි තීරණයක්‌ නොගත්තොත් මුළු ජීවිතයම බිඳවැටෙනව. මම අද ආදරය කරන්නෙ කලාවට මම කලාවත් එක්‌ක අද දවස සතුටින් ඉන්නව.

ධම්මිකා සුරංජි පතිරණ
ඡායා - සමන් අබේසිරිවර්ධන

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us