ලංකාවේ ලිංගික සෞඛ්ය අධ්යාපනය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම ඇතැම් කාන්තා අතවරයන් සඳහා හේතුවන බව හෙළිදරව් කෙරෙන සිද්ධියක් අද බලන්ගොඩින් වාර්තාවනවා.
බලන්ගොඩ ප්රදේශයේ වයස අවුරුදු 13 ක දැරියකට ඇගේ පියා විසින් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ලිංගික අතවර කරන ලැබ තිඛෙන නමුත්
ඇය ඇයට සිද්ධවන හිරිහැරයෙහි ඇති බරපතලකම ගැන දැන සිට නැත.
මවද අහිමිව පියා සමග සිටින මේ දැරිය වරින්වර පියාගේ අතවරයන්ට ලක්ව තිබුණත් ඒ ක්රියාවන් ගැන හෙළිකිරීම ලජ්ජාවක් යයි සිතා කිසිවෙකුට කියා නැති නමුත් ඇය බියට පත්ව ඇත්තේ පාසලේ සෞඛ්ය පාඩමකින් පසුය.
අඹු සැමියන් විසින් දරුවන් බිහිකිරීමට ප්රජනන කාර්යය සිදු කරනු ලැබීම ගැන පාසලේ සෞඛ්ය පාඩමකදී උගැන්වීමෙන් පසු පන්තිය නිමාවෙන් පසු අදාළ ගුරුතුමිය පුද්ගලිකව මුණගැසුණ දැරිය තමාට මේ ආකාරයේ අතවරයක් දිගු කලෙක සිට පියාගෙන් සිදුවන බවත් එමගින් අනාගතයට හානියක් වේ යයි දැන් බියක් ඇතිවුණ බවත් දන්වා තිඛෙනවා.
මේ අසා තිගැස්සුණ ගුරුවරිය අනෙක් ගුරුවරියන් සමගද සාකච්ඡා කර ඇය හෙළිදරව් කරන ලද කරුණු පොලිසියට දන්වා සිටි අතර පොලිසිය පැමිණ දැරියගේ පියාව අත්අඩංගුවට ගත්තා. දැරිය බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර වෛද්ය පරීක්ෂණ සඳහා යොමු කර තිඛෙනවා.
සංස්කෘතික කාරණා නිසා ලංකාවේ ලිංගික අධ්යාපනය නිසියාකාරව නොලැබීම දරු දැරියන්ගේ අනාගතයට ප්රශ්න ඇති කරවන බව කලෙක සිටම විද්වතුන් පෙන්වා ඇති කරුණකි.





