Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

එංගලන්ත කි‍්‍රකට් පිලේ හිටපු නායයකයකු මෙන්ම ජනප‍්‍රිය ක‍්‍රිකට් විස්තර විචාරකයකුද වන ටෝනි ගේ‍්‍රග් මහතා පෙනහැල්ලේ පිළිකාවකින් පෙළළෙන බව වෛද්‍යවරුන් විසින් සොයාගනු ලැබ ඇතැයි එක්සත් රාජධානියේ ඉරිදා පුවත් පතක් වන ‘ද ටෙලිග‍්‍රාෆ්’ පුවත් පත වාර්තා කරයි.

කෙසේ වෙතත් ඔහුට කරනු ලබන ප‍්‍රතිකාර මොනවාද යන්න තවමත් තීරණය කර නැත.

”මගේ ජීවිතය පුරාම අසීරුවෙන් සූරා දැමිය යුතු දේවල් කිහිපයක් තිබුණා. මේකත් ඒ වගේ එකක්” යයි ටෝනි ග්‍රෙග් මහතා ද ටෙලිග‍්‍රාෆ් පුවත් පතට පවසා තිබිණ.

සැත්කමක් සඳහා ග්‍රෙග් මේ සතියේදී රෝහල් ගතවීමට සූදානමින් සිටින බවද ටෙලිග‍්‍රාෆ් පුවත් පත කියයි. පිළිකාවේ යථා ස්වභාවය හඳුනා ගැනීම සඳහා මෙම සැත්කම කිරීමට නියමිතය.

ජීවිතයේදී වෙන කිසිඳු දිනක සටන් නොකළ අයුරින් තමා හා තම බිරිඳ වන විවියන් මීට එරෙහිව සටන් කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

ටෝනි ග්‍රෙග් පිළිකාවකින් පිඩාවිඳන බව හෙළි වී ඇත්තේ මේ මස පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය අවසානයේදී සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණ වලිනි. ඔහුගේ දකුණු පෙනහල්ලෙන් දියර විශාල ප‍්‍රමාණයක් ද ඉවත් කර තිබුණි.

පසුගිය මැයි මාසයේදී ඔහුට බ්‍රොන්කයිටිස් රෝගයද වැළඳුනි. ග්‍රෙග් ප‍්‍රතිකාර සඳහා ඉදිරි සතියේදී රෝහල්ගතවීමට නියමිතය.

වසර 1946 දී දකුණු අපි‍්‍රකාවේ දී උපන් ටෝනි ග්‍රෙග් මේ වන විට 66 වියේ පසුවෙයි.ඔහුගේ පියා ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ අතර, මව දකුණු අපි‍්‍රකානු ජාතිකයෙකු විය.

පිය උරුමය හේතුවෙන් පසුකාලීනව එංගලන්තය වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වූ ඔහු, දක්ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු විය.
එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ ටෝනි, පසුකාලීනව කි‍්‍රකට් උණුසුමට එක්වූයේ අතිජනපි‍්‍රය කි‍්‍රකට් විස්තර විචාරකයෙකු ලෙසය.

මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ටෝනි හා ඔහුගේ බිරිඳ වන විවියන් හට දරුවන් දෙදෙනෙකු සිටින අතර, ටෝනි හට සිය කලින් විවාහයෙන් ද දරුවන් දෙදෙනෙකු සිටියි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us