Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සෝවාන්වීම කෙසේ වෙතත් වී.අයි.පි රේඩියෝවෙහි සේවකයන්ට මාස හයක්ම පඩි ගෙවලත් නැතිලු...

කලින් කලට ලංකාවේ සෝවාන් වූ හා බුදු වූ පුද්ගලයන් දැකගැනීමට හැකි වූ අතර ඔවුන්ට තිබුනේ ඉතා කෙටි පැවැත්මකි.

වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පුද්ගලයෙකි.

එවැනි පුවතක් සුප්‍රකට සබන් හා දේශීය ආයුර්වේද නිෂ්පාදන නිපදවන වෙන්ඩෝල් ලංකා සමාගමෙන් වාර්තා වෙනවා.

එහි සභාපති වෛද්‍ය ලේල්වල, ජී ගොඩකන්ද මහතා තමා සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ පතුරවමින් සිටින බවයි අප වෙත වාර්තා වෙන්නේ.

නමුත් මේ වනවිට වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පසු නැගුන මහජන විරෝධය හමුවේ ඔහු ආගිය අතක් නොමැත. මෙවන් පරිසරයක් තුලදී ලංකාවේ මතුවන ඊළඟ සෝවාන් චරිතය වන්නේ වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද මහතා වෙනවා .

ඔහුගේ සෝවාන්වීම කෙසේ වෙතත් ගොඩකන්ද සමුහ ව්‍යාපාරයට අයත් වී.අයි.පි රේඩියෝවෙහි (මෙයට පෙර ලක්ෂ්මන් හුළුගල්ලේ සතුව පවතී සත් එෆ්. එම්) සේවකයන්ට මාස හයක්ම පඩි ගෙවා තිබුනේද නැත.

මෙම කරුණ සනාථ කරමින් පසුගිය සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබු උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රශ්නකොට තිබුනේ වඳුරඹ සිරිවර්ධනට ක්‍රියාත්මක වූ නිතිය වෙන්ඩෝල් සමාගමේ සභාපතිට ක්‍රියාත්මක නොවීම ගැටළුවක් බවය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us