සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්ය සාමාන්යධිකාරවරයෙකි..
නමුත් මේ වන විට ඔහු බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වී තිඛෙන්නේ අධිකරණයෙන් වරෙන්න්තු නිකුත් කර තිබියදීත් රජය සමග පවතින පක්ෂපාතීත්වය නිසා මේ දක්වාත් අත්අඩංගුවට ගෙන නොමැති පුද්ගලයෙකු ලෙසයි..
මේ අතර සුදර්මන් රදලියගොඩ ලගදීම සිනමාවට අවතීර්ණ වීමට යන පුවතක් අපට වාර්තා වනවා
හෙතෙම හා හා පුරා කියා සිනමාවට පිවිසීමට හදන්නේ සිරි දළදාගමනය චිත්රපටය ඔස්සේයි ඔහුගේ පුතු සචින් පාසල් යන වියේ පසුවන අතර වර්තමානයේ ටෙලි නාට්ය රංගනයටද එක්ව සිටින අයෙකි. රදලියගොඩගේ බිරිය නිල්මිණි ඇදුම් නිර්මාණ ශිල්පිනියකි
මෙම පවුලේ අය සමග සම්මුඛ සාකච්ඡාවක් පසුගිය සතියේ රිවිර මියුලැසි අතිරේකයේ පළව තිබුණා. එහි සුදර්මන් හා ඔහුගේ බිරිය දෙදෙනාම දැක්වූ අදහස් වලින් කොටසක් පහත පරිදිය.
සුදර්මන් චිත්රපට රංගනයට පැමිණෙනවා කියලා ආරංචියි ඇත්තද ඒ කතාව?
අහම්ඛෙන් වගේ පුතාගේ රූගත කිරිමකට ගිය අවස්ථාවකදි මටත් චරිතයක් කරන්න ලැබුණා මුලින් සුළුවෙන් හිතුවත් එම චරිතය සිරි දළදා ගමන චිත්රපටයේ ප්රධාන භුමිකාවක් චිත්රටයේ හැටියට මහ සෙනවියාගේ චරිතය ලැබුණේ ලැබුන අවස්ථාවෙන් හැකි උපරිමයෙන් මගේ දායකත්වය ලබා දුන්නා නළුවෙක් වෙන්න කවදාවත් හිතලා තිබුණේ නැති වුණත් මේ චරිතයත් එක්ක ජිවිතයට අලූත් අත්දැකිමක් ලැබුණා
ඒ කියන්නේ සුදර්මන් ඉදිරියෙදි රංගන ශිල්පියෙක්ද?
ටෙලි නාට්යයක ප්රධාන චරිතයකට ඉදිරියේදි එන්න ඉඩ තියෙනවා දිගටම රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරනවාද කියලා නම් තාම හිතලා නැහැ
සුදර්මන් ඉදිරියෙදි මාධ්ය අත්ඇරල යනවද?
දිනකර පත්තරේ මාණ්ඩලික වාර්තාකරුවෙක් ලෙසට පටන් ගත්ත මාධ්ය ජිවිතය අද වෙනකොට ප්රවෘත්ති හා කාලීන සිදුවිම් නියෝජ්ය සාමාන්යාධිකාරවරයා හැටියට මම කටයුතු කරනවා ෂඔභ එක කියන්නේ මගේ ගෙදර වගේ මොනවා ලැබුණත් මට එතැන දාලායන්න බෑ
පවුලක් විදිහට සාර්ථක වෙන්න කටයුතු කළේ කොහොමද?
අපි මහා දැවැන්ත ආර්ථීක ශක්තියක් තියාගෙන ඉපදුණු අය නෙවෙයි අපි විවාහ වුණු දවසේ ඉදලා මං රැකියාවක් කළා මගේ බිරිද ස්වයං රැකියාවක් විදිහට ඇදුම් නිර්මාණයේ යෙදුණා අපි අපිම නැගිටිනවා කියලා හිතුවා මම හිතන්නේ අපි අද සාර්ථකත්වයක් ලබා තියෙන්නේ ඒ කැපවිම මත’විවාහ වෙලා අවුරුදු විස්සක් යන්න මත්තෙන් ගෙදර කටයුතු හා දෙදෙනාගේ රැකියාවන් හි ඉහළටම යන්න අපට හැකි වුණා ඒ ගැන ඇත්තටම ආඩම්බරයක් සතුටක් තියෙනවා
සුදර්මන්ගේ බිරිය නිල්මිණි ඇයව ඇඳුම් නිර්මාණ ක්ෂේත්රයේදී හඳුන්වන්නේ නිල්මිණි ඇල්ලෙපොළ නමිනි. රදලියගොඩ නම භාවිතා නොකිරීම ගැන ඇය කියා සිටියේ මෙවැනි අදහසකි.
සුදර්මන්ට මාධ්ය ක්ෂේත්රයේ ජනප්රියත්වයක් තියෙනවා එයාගේ නම භාවිත කරලා මගේ නිර්මාණය ජනප්රිය වනවාට වඩා මම නිර්මාණය කරන ඇදුම් පැළදුම්වල නිර්මාණශිලි බවෙන් මාව මිනිස්සු අදුර ගන්නවාට මම කැමකියි එ නිසයි සුදර්මන් රදලියගොඩගේ නම ඉස්සරහට දාගෙන මගේ නිර්මාණ නොකළේ’පුතත් එහෙමයි එයා පුංචි කාලේම ටෙලි නාට්යවලට සම්බන්ධ වුණත් කාලයක් යනතුරු කවුරුත් දන්නැ එයා සුදර්මන්ගේ පුතා කියලා අපි තුන්දෙනා විශේෂිත වු දේවල් ඒ තුලින් ගොඩ නැගෙන්නට හැරෙනවා ඇරෙන්න ජනප්රියත්වය හා මුදල් පසුපස දුවන පවුලක් විදිහට අපි කැමති නෑ
පවුලක් විදිහට තිඛෙන අනාගත බලාපොරොත්තු මොනවාද?
එකම දේ තමයි පුතාගේ අනාගතය දියුණු කරන එක අපේ එකම ඉලක්කය දරුවා තමයි මෙයාව නඑවෙක් කරලා සතුටු වෙන එක නෙවෙයි අපේ බලාපොරොත්තුව මං හැමදාම කියන දෙයක් තමයි සුදර්මන් රදලියගොඩගේ පුතා කියලා ඉදිරියට යන්න එපා සචින් රදලියගොඩගේ තාත්තා සුදර්මන් රදලියගොඩ කියනවටයි මං කැමති





