Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඇය තිසුරි යුවනිකා. මේ දිනවල රූපවාහිනී නාළිකා ගණනාවකම ඇයගේ රංගන දැකගත හැකිය. “ඉඳුවරී” ටෙලි නාට්‍යයේ නිම්සරා ඇයයි. “බොරළු පාර” ටෙලි නාට්‍යයේ සමාධි ද ඇයයි. “ෆෙන්සුයි ගෙදර” ටෙලි නාට්‍යයේ මධුරි ද, “තූර්යා” ටෙලි නාට්‍යයේ අසිනි ද ඇයයි. දක්ෂ රංගන ශිල්පිනියක වන තිසුරි  කළ කතාබහකි.

මේ දිනවල ඔබ රඟපෑ ටෙලි නාට්‍ය ගණනාවක්ම විවිධ නාළිකාවල විකාශය වෙනවා නේද?
ඔව් ටෙලි නාට්‍ය හතරක් පහක්ම වගේ විකාශය වෙනවා. ඒ ටෙලි නාට්‍ය එකම කාලෙක කළ ඒවා නෙමෙයි. ඇතැම් ඒවා මීට කලකට පෙර කළ ඒවා. සේරම විකාශය වෙන්න ගත්තෙ එක පාර. ඒ නිසයි සෑම නාළිකාවකම වගේ මාව පෙනෙන්නේ.

කොහොමද මේ දවස්වල ඔබ කාර්ය බහුල ද?
ඔව් තරමක්. ‘ඉඳුවරී’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒක තමයි ප්‍රධානම වැඩේ. ජයලත් මනෝරත්න අන්කල්ගෙ අලුත්ම ටෙලි නාට්‍ය වන “තාත්තෙ අපි ආවා” ටෙලි නාට්‍යයේ වැඩ මේ මාසෙ අග පටන් ගන්නවා. ඒ ටෙලි නාට්‍යයේත් මම රඟපානවා.

මේ දිනවල තිරගත වන “දරුවනේ” චිත්‍රපටය ඔබ රඟපෑ කීවැනි චිත්‍රපටය ද?
“දරුවනේ” මගේ හයවැනි චිත්‍රපටය. මීට පෙර මම රඟපාල තියෙන චිත්‍රපටවල කළේ සුළු චරිත. ප්‍රධාන චරිතයක් කළේ “උඩුගං යාමය” චිත්‍රපටයේ පමණයි. ඊට පසුව ප්‍රධාන චරිතයක් රඟපෑ චිත්‍රපටය තමයි “දරුවනේ”.

“දරුවනේ” චිත්‍රපටයේ රංගනයට හොඳ ප්‍රතිචාර ලැබෙනව ද?
ඔව් මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර දරුවනේ චිත්‍රපටයට ලැබෙනවා. ඒ චිත්‍රපටයට මාව ගත්තට සිවා අන්කල්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ඔබ වඩාත්ම කැමැති චිත්‍රපටවල රඟපාන්න ද ටෙලි නාට්‍යවල රඟපාන්න ද?
මට ඔය දෙකම එකයි. මම ක්ෂේත්‍රයට ආවෙ ටෙලි නාට්‍යවල රඟපෑමෙන්. ඒ නිසා ටෙලි නාට්‍යවල රඟපාන්න ගොඩක් ආසයි. ඒ වගේම සිනමාව කියන දැවැන්ත කලා මාධ්‍යයට හවුල් වෙන්නත් මම හරිම කැමැතියි.

මේ දෙකේම හොඳ චරිත ලැබෙනවානම් 
නොපැකිලව මම බාර ගන්නවා.එහිදී මාධ්‍ය මොකක්ද කියල මම බලන්නෙ නෑ.

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යවල ඔබේ චරිතවල ඒකාකාරී බවක් තිබෙනවා නේද?
නැහැ. මම එහෙම හිතන්නේ නෑ. ඒ ටෙලි නාට්‍ය හතර පහේ ම මගේ චරිතවල ස්වභාවය එකිනෙකට වෙනස්. මීට පෙර කළ ආකාරයේ චරිතයක් මට ලැබුණොත් එහි කිසියම් වෙනසක් ඇතිවන ආකාරයෙන් මගේ රංගනය ගොඩනඟාගන්න මම උත්සාහ කරනවා. ඒ නිසා මම මෙතෙක් රඟපා ඇති චරිත එකිනෙකට වෙනස් බවයි මගේ හැඟීම.

“සවීණා” ටෙලි නාට්‍යයේ ඔබේ රංගනයෙන් ඔබට බොහෝ පේ‍්‍රක්ෂකයන් අතරට යන්න හැකි වුණා නේද?
ඇත්තෙන්ම ඔව්. “සවීණා” බාල, තරුණ, මහලු සියලුම දෙනා නැරැඹුවා. ඒ දවස්වල මට ගොඩක් පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබුණා.

ටෙලි නාට්‍ය කීපයක එකම වකවානුවක රඟපෑම හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න බාධාවක් නෙමෙයි ද?

මමනම් වැඩ ගොඩක් එකවර බාරගන්නේ නෑ. අවුරුද්දකදී මම වැඩ කරන්නෙ ටෙලි නාට්‍ය දෙකක හෝ තුනක විතරයි. මට යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මම ඒක අනිවාර්යයෙන්ම බාර ගන්නවා.

හොඳ රංගන ශිල්පිනියක් වෙන්න රංගනයේ තාක්ෂණික පැත්තත් අධ්‍යයනය කළ යුතුයි නේද?
ඇත්තෙන්ම ඔව්. නමුත් ඒකට ගැළපෙන රංගන පාසලක් අපට තවම නැහැනෙ. ඒ සඳහා පිටරටකට යන්න වෙනවා. මම දැන් රඟපාන්නෙ මට උපතින් ලද හැකියාවෙන්. අනාගතයේ දී අනිවාර්යයෙන්ම මම රංගනය පිළිබඳව ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ අධ්‍යාපන කටයුතු අවසන් ද?
මම උසස් පෙළ කළේ 2010 අවුරුද්දේ. මේ අවුරුද්දෙ මම තරමක් රංගනය නිසා කාර්යබහුල වුණු නිසා අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න බැරි වුණා. උසස් පෙළට මම කළේ භාෂාවන්. නමුත් මම ව්‍යාපාර අංශයෙන් උපාධියක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ කියන්නේ අනාගතයේ දී ඔබ ව්‍යාපාරිකාවක් වෙනවා කියන එක ද?
නැහැ, එහෙමම අදහසක් නෑ. මම ඒ විෂයට කැමැතියි. ඒ නිසයි ඉගෙන ගන්නේ.

එසේනම් ඔබේ වෘත්තිය ලෙස තෝරාගන්නේ රඟපෑම ද?

මෙහෙමයි, රඟපෑම වෘත්තිය කරගන්න මගේ බලාපොරොත්තුවක් නෑ. කලකට රඟපෑම නවත්වන්න හිතුණොත් මම හෙට නවත්වනවා. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. හැබැයි රඟපෑමෙන් ඉවත්වෙන්න මගේ අදහසක් නෑ.

ෂූටිං වලට යන විට අම්මා තවමත් ඔබත් එක්ක එනව ද?
ඈත පළාත්වල ෂූටිංවලට යද්දි දැන් මම යන්නේ ආච්චි එක්ක. අම්මත් කාර්යබහුල නිසා අම්මට එන්න විදියක් නෑ. ආච්චිට එන්න බැරිනම් අම්ම හරි තාත්ත හරි මා එක්ක එනවා.

කිසියම් නිර්මාණයක ඔබ ඔබේ අම්ම එක්ක රඟපාල තියෙනව ද?
ඔව් මම පුංචි කාලේ නම් ටෙලි නාට්‍ය කීපයකම එහෙම රඟපෑවා. නමුත් මෑත දී එහෙම රඟපාන්න අවස්ථාවක් ලැබිලා නෑ.
ටෙලි නාට්‍යවල දැන් ඔබ පෙම්වතිය විදියට රඟපානවා. සැබෑ

ජීවිතයේත් ඔබ දැන් පෙම්වතියක් ද?
තාම නෑ. තාම නෑ.


සිළුමිණ - ගාමිණී සුසන්ත
ඡායාරූපය - ඉන්දික මල්ලවආරච්චි

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us