Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නාග කෙල්ලට නයා දෙනවද නැද්ද..?

සුරතලයට බල්ලන් බළලුන් ඇති කරනවනම් නයෙක් ඇති කලාම මොකද...?

පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ නළඟන සන්තකයේ සිටි නාගයා නැවතත් ඇය වෙත ලබාදීමේ තීරණය නොවැම්බර් මස 15 වැනිදා දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කළා.
සුරතලයට නයි පැටියකු ඇතිකළ, කොල්ලුපිටිය සමාජ ශාලා නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට එරෙහිව, චෝදනා ඇත්නම් ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා

කළින් දිනයේ කොල්ලුපිටිය පොලීසිය නියෝගකර තිබුනද,පොලිසිය ඊයේ (25)  කිසිදු චෝදනා ගොනු කිරීමට අපොහොසත් වුනා.

ඒ අනුව, ඇගේ සුරතල් නයා බාර දෙනවාද නැද්ද යන්න ගැන ලබන 15 දා  සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ නඩු විභාගය කැදවූ අවස්ථාවේදී  ප්‍රකාශ කළා.

ඇය වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ශ කුලරත්න මහතා,නයා නපුරු සතකු වුවත් ඇති කිරීමේ තහනමක් නැති හෙයින් ඇයට නයා මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

මිනිසුන් සුරතලයට බල්ලන් බළලුන් ඇති කරන අයුරින් මේ නළඟනද නයකු ඇතිකරන බවත්, ඇය නයාට ආදරය කරන බවත් අර්ශ කුලරත්න මහතා කීවේය.

එහෙත්, පොලීසිය ඊට විරුද්ධ විම හේතුවෙන් තීරණය දැනුම්දීම 15 දිනට කල්තැබිණ.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us