Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

උපෙක්ෂා ස්වර්ණමාලීගේ ආදර බලාපොරොත්තුව...

අකලංක මට හුගාක් සමීපයි...

පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් රාශියකට මැදිවූ උපේක්ෂා ස්වර්ණමාලී සිය විවාහ දිවියේ කඩා වැටීමත් සමග ඉන් ඇතිවූ කළකිරීමත් සමග රංගන කටයුතු වලින් පවා බැහැර වී සිටියා.

විවාහ දිවියේ ලැබූ කටුක අමිහිරි අත්දැකීම් ගැන ඇය සැමවිටම කතා කළේ සැබෑම කළකිරීමෙනි.

එහෙත් නැවතත් රංගනයට පිවිස සිටින උපේක්ෂා ස්වර්ණමාලි මහේෂ් සමග පැවති විවාහය බිඳී ගියත් මේ වනවිට තවදුරටත් තනිකඩව සිටීමේ අදහස අත්හැර තිබෙනවා.
ඒ ඉනෝකා සත්‍යාංගනී ගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයේ රඟපෑමෙන් දායක වීමෙන් අනතුරුවයි.

පසුගිය සති අන්ත පුවත්පතකට ඈ ප්‍රකාශකොට තිබුනේ තමා විවාහ වන්නේ අකලංක ගනේගම වැනි අයෙකු සමග පමණක් වන බවයි.ඒ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වූ දක්ෂ නර්තන ශිල්පියෙක් මෙන්ම ගායන රංගන ශිල්පියෙක්ද වූ අකලංක ගනේගම ගැනය..

චිත්‍රපටය රුගත කරන අතරතුරේදී උපේක්ෂා මුහුදේ ගිලීමට යන අවස්ථාවේදී අකලංක විසින් උපේක්ෂා බේරාගත් අයුරු මෙයට පෙර අප ඔබවෙත හෙළිකර සිටි අතර ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවටද කලා ලෝකයේ රාවයක් පැතිරී ගොස් තිබුනා.

ඒ පිළිබඳව උපේක්ෂා පවසන්නේ මෙවැන්නක් :
ඔය කියන විදියට අපි අතර සම්බන්ධයක් නැහැ. නමුත් අපි අතරේ හොඳ මිත්‍රත්වයක් තියෙනවා. මම රංගනයට එක්වුණු කාලය තුල මේ තරම් සමීපයෙන් රංගන ශිල්පියෙක් ආශ්‍රය කරලා නැහැ.එහෙම රංගන ශිල්පියෙක් සමීපව ආශ්‍රය කලේ අකලංක විතරයි. ඒ අනිත් අයට නැති විනයක් අකලංකට තියෙන නිසා මට ඔහු සමීපයි . ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකදී ඔහු මට අහුම්කන් දෙනවා. ඒ නිසා ඔහු මට සමීපයි.

නැවත විවාහය පිලිබඳ උපේක්ශාගේ අදහස :
මගේ පළමු විවාහයේ දික්කසාදය තවම ලැබුනේ නැහැ. ඉතින් නැවත විවාහ වීමේ බලාපොරොත්තුවක් නැහැ කියන්න බැහැ.මනුස්සයෙක් ජිවත් වෙන්නේ මුදල් පදනම් කරගෙනම නෙවෙයි. ජිවත් වීමේ බලාපොරොත්තුව ඇති කරන්න ආදරය විවාහය අත්‍යවශ්‍යයි.මට ගැලපෙන කෙනෙක් හමුවුනොත් මම ආදරය කරයි . විවාහ වෙයි.

විවාහ විය යුතු කෙනා ගේ ගතිගුණ පිලිබඳ උපේක්ශාගේ අදහස :
අකලංක වගේ කෙනෙක්. ඒ වගේ මට ගැලපෙන කෙනෙක් වෙන්න ඕන. මට ගැලපෙන කෙනාට ආම්මගේ ආශිර්වාදයත් හිමිවෙන්න ඕන. පළමු විවාහයට අම්මාගේ ආශිර්වාදය හිමිවුණේ නැහැ. විවාහය දෙදරීමට එකත් හේතුවක් වෙන්න ඇති.

ඒ උපේක්ෂා තම නැවුම් බලාපොරොත්තුව ගැන කී අදහස්ය.

උදාවූ නව වසරේ උපෙක්ෂා ස්වර්ණමාලීගේ ඒ ආදර බලාපොරොත්තුව ඉටුවේවිද, අකලංක උපේක්ෂාගේ ආදරය පිළිගනියි ද කියා අප බලා සිටිමු.

මේ අතර 2012 වසර අවසාන වීමට මත්තෙන් විවාහ වන බව පැවසු අකලංක ගනේගම ඔහුගේ පැරණි පෙම්වතියත් අමතක කරදමා ඇති බව අප වෙත වාර්තා වනවා.

අකලංක ගේ පැරණි පෙම්වතිය



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us