Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ප්‍රශ්නය - විවාහයට පෙර ලිංගික සබඳතා ගැන මොකද කියන්නෙ?

පිළිතුර - ගින්දරයි පුළුනුයි එක ළග තියන්න බැහැනේ..

පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් රාශියකට මැදිවූ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නදීශා හේමමාලි දැනටමත් පෙම්වතියකව සිටින බවත් මේ වසරේ විවාහ වන බවත් පසුගිය සතිඅන්ත පුවත්පතකට හෙළි කර තිඛෙනවා.

විවාහයට පෙර පවත්වන ලිංගික සම්බන්ධතා පිළිබඳ පුවත්පත ඇගෙන් කළ විමසීමේදී ඇය පවසා තිඛෙන්නේ අපූරු පිළිතුරක්.

ඇය කියන්නේ ගින්දරයි පුළුනුයි එක ළග තියන්න බෑනේ ලෙසිනි.

මෙවර රිවිර රිවිසරසි අතිරේකයට නදීශා සපයා තිඛෙන සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහතින්.
නදීශා ඇයි විවාහ නොවෙන්නෙ?
විවාහ වෙනවා. දැනටමත් මම පෙම්වතියක්.

ආදරවන්තයා ක්ෂේත්‍රයේම කෙනෙක්ද?
මේ අවුරුද්ද ඇතුළත විවාහ වෙනවා. එතකොට විස්තර කියන්නම්. දැන්ම ඕන නැහැ කියලා හිතෙනවා.

විස්තර කිව්වොත් ආදරය අහිමි වෙයි කියල බයද?
බයවෙන්න ඕන කියල මට හිතෙන්නෙ නෑ. හැබැයි කොහොම ඇහුවත් මම දැන්ම විස්තර කියන්නෙ නැහැ.

විවාහ වෙන්න ගත්ත තීරණේ හරියටම හරි කියල හිතනවද?
මම කරන දේවල් තේරුම් ගත් බුද්දිමත් කෙනෙක් මට හමු වුණා. ආශ්‍රය කරද්දි හිතෙනවා අපි ගැළපෙනවා කියලා. දැනට හිතෙනවා මගෙ තීරණේ හරි කියලා.

විවාහයෙන් පස්සෙ නොගැලපුණොත්
ඒක එතකොට බලමු දැනට නම් සියයට සියයක්ම ගැළපෙනවා.

මේක ආදර සම්බන්ධකමක්ද?
ආදර සම්බන්ධයක් නම් තමයි. හැබැයි විස්තර දැන්ම කියන්න බැහැ.

නදීශා මීට කලින් කි දෙනෙකුට ආදරය කරලා තියනවද?
දැන් ඒවා වැඩක් නැහැනේ.ගිය දේවල් ගියා.

විවාහයට කලින් පෙම්වතුන් ලිංගික සම්බන්ධතාවලට එකගද?
අපේ සංස්කෘතියට අනුව නම් ඒකට එකග වෙන්න බැහැ. ඒත් ඒක එක එක්කෙනාගෙ පුද්ගලික මතයනෙ. ඒව ඉවසන එක හොඳයි. ඒත් ගින්දරයි පුළුනුයි එක ළග තියන්න බැහැනේ..

පුවත්පත් සටහන - නෙලූෂා සිල්වා

නදීශා ළගදී පෙනී සිටී කොෆී විත් නදීශා ඡායාරූප පෙළ පහතින්..

ඡායාරූපකරණය  - හර්ෂණී පෙරේරා

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us