
හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා මෙරට 44 වන අගවිනිසුරුවරයා ලෙස මීට ස්වල්ප මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබේ.
පාර්ලිමේන්තු කවුන්සිලය විසින් මොහාන් පීරිස් මහතාගේ නම නිර්දේශ කොට යැවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම සිදුකර ඇත.
හිටපු අගවිනිසුරුවරිය වන ආචාර්ය, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (15) පෙරවරුවේ අගවිනිසුරු නිල නිවසින් ඉවත්වූ බව අප වාර්තාකරු කියා සිටියි.
කෙසේ වෙතත් නව අගවිනිසුරුවරයාගේ පත්වීම හා රාජකාරී කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ විධායක අධ්යක්ෂ පක්යසෝති සරවනමුත්තු මහතා විසින් අද පෙරවරුවේ ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
ශාන්ත තෝමස් හා කොළඹ රාජකීය විද්යාලවලින් මූලික අධ්යාපනය ලබා ඇති මොහාන් පිරීස් මහතා 1975 වසරේ දී නීතිඥ වෘත්තියට ප්රවේශ වන අතර 1978 වසරේදී එංගලන්ත හා වේල්ස් ශ්රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස පත්වීම් ලබා ඇත.
එසේම ඔහු 1981 වසරේ සිට 1996 දක්වා කාලය තුළ නීතිපති දෙපාර්තුමේන්තුවේ ජ්යෙෂ්ඨ රාජ්ය උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කර තිබේ.
ඒ අනුව නීතිඥ වෘත්තියට ඔහු විසින් කළ මෙහෙය සැලකිල්ලට ගෙන 2004 වසරේ දී ජනාධිපති නීතිඥ තනතුරකින්ද පිදුම් ලබා ඇත.
තවද ශී්ර ලංකා මහා බැංකුවේ නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති මොහාන් පිරීස් මහතා එම කාලයේ දී බැංකු හා සෙසු මූල්ය ආයතන වෙනුවෙන් ආයතනික යහපාලන නියාමන රාමුවක් සැකසීමට ද පුරෝගාමී මෙහෙවරක් කර තිබේ.
ඒ අනුව මොහාන් පීරිස් මහතා මෙරට බැංකු පනත, මූල්ය නීතිය, විනිමය පාලන පනත ඇතුළු බැංකුකරණ කි්රයාපටිපාටි පිළිබඳ හසළ දැනුමක් ඇති විද්වතෙකු ලෙස සැලකිය හැකිය.
මීට අමතරව පාරිසරික නීතිය, මුදල් විශුද්ධිකරණය, ආයතනික යහපාලනය, මූල්ය ගනුදෙනු වාර්තාකරණයේදී අදාළ වන නීතිය, දූෂණය පිටුදැකීමේ නීතිය, තොරතුරු තාක්ෂණ නීතිය, අන්තර්ජාතික බේරුම්කරණය, මානව හිමිකම් යනාදී විවිධ මාතෘකා ඔස්සේ නිරන්තරයෙන් කතාබහ කරන පුද්ගලයෙකු වශයෙන් ද මොහාන් පීරිස් මහතා ප්රචලිතය.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ ආරම්භක සාමාජිකයෙකු හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වන පීරිස් මහතා, එක්සත් ජාතීන්ගේ සමුළුව ඇතුළු ජාත්යන්තර සමුළු ගණනාවකදීම මෙරට නියෝජනය කර ඇති රාජ්ය තාන්ති්රක නිලධාරියෙකු ද වේ.







