Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මර්වින්ට කාලි මෑණියන් දඬුවම් දීලා...

අමාත්‍ය මර්වින් සිල්වා කාලි මෑණියන්ට අපහාස උපහාස කරමින් වහසි බස් බැවින් දැන් මෑණියන්ගේ දඬුවමට ලක්වී ඇතැයි හලාවත ශ්‍රී  භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජකවරු සඳහන් කරනවා.

‘ඒ කාලේ මර්වින් සිල්වා මහතා දේවාලයට ඇවිත් මෑණියන් බැහැදැකලා එතුමියගෙන් අශීර්වාද ලබාගත්තා. එහෙත් කුමන හේතුවකින් හරි ඒ මහතා 2011 අවුරුද්දේ බැතිමතුන් මෑණියන්ට පූජා කිරීමට ගෙනා එළුවන් හා කුකුළන් උදුරගෙන යෑමෙන් මෑණියන්ගේ උදහසට ලක්වුණා.
ඒ අවස්ථාවේදී අප පෙන්වා දුන්නා එම සිද්ධියේ ඇති භයානකකම. එහෙත් ඒ වෙලාවේත් ඇමැතිතුමා මෑණියන්ව හාස්‍යයට ලක්කරමින් කටමැත දෙඩවූවා. ඒ මහතා දැන් මෑණියන්ගේ දඬුවමට ලක්වීම ආරම්භ කළා. අද ඇමැතිතුමා අසරණ වෙලා. කාලි අම්මාගේ බලයට අභියෝග කරන්න අපට බැහැ.

අප ඒ ගැන කල්පනාකාරී විය යුතුයි. අපට පුළුවන් අවවාද කරන්න විතරයි. දැන්වත් ඇවිත් මෑණියන්ගේ අනුකම්පාව ලබා ගැනීම වැදගත්. නැත්නම් තවත් ප්‍රශ්න ඒවි’ යැයිද ඔවුහු කියති.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us