Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඇඳුම් නැතිව පාරේ දාල ගිය අපි දෙන්න දිහා කාර් වෑන් මෝටර් සයිකල් වේගය අඩු කරල බලල ගියා මිසක් නැවැත්තුවෙ නෑ..

පසුගිය දෙසැම්බර් මස ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කම්පාවට පත් කළ සිදුවීමක් වූයේ ධාවනය වෙමින් පැවති බස් රථයක් තුළදී සමූහ ලෙසින් දූෂණයට ලක්ව ඝාතනය වූ වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණය පිළිබදවය.

මෙම සිද්ධිය ගැන ඇසින් දුටු සාක්ෂි සපයන එකම තැනැත්තා වන්නේ සිද්ධියෙන් මියගිය ජ්‍යොති සිං පාන්ඩේ නමැති වෛද්‍ය ශිෂ්‍යාවක වූ ඉන්දීය තරුණියගේ පෙම්වතාය.
ඇතිවූ අඩංතේට්ටම් නිසා තවමත් රෝද පුටුවෙන් ගමන් කරන ඔහු ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමග එම කුරිරු සිද්ධිය නැවත සිහිපත් කරමින් ප්‍රථම වරට ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කර තිබුනේ සංවේදී හඬිනි.

ඔහු ඒ ගැන කියා සිටියෙ මෙසේය.

අපි බඳින්නයි හිටියේ. අපි එදා ගියේ ලයිෆ් ඔෆ් පී කියන ෆිල්ම් එක බලන්න. ඒක ඉවරවෙලා එයාව ගෙදර ඇරලවන්න තමා මං එයා එක්ක බස් එකකට නැග්ගෙ. ටික වෙලාවකින් බස් එකේ කට්ටිය ටික දෙනෙක් ඉද්දි බස් එක වෙනත් පාරකට දැම්මා. දොරවල් වැහුණා. වෙන්න යන්නෙ මොනවද කියල අපි අන්ද මන්ද වුණා. එකපාරටම සිද්ධ වෙච්ච දේ මට හිතාගන්න බැරිවුණා. එකෙක් යකඩ පොල්ලක් අරන් මං ගාවට ආවා.

උන් හැසිරුණ හැටි මට කියන්නත් අමාරුයි. හරියට සත්තු වගේ උන් හැසිරුනේ.උන් මගේ කකුළ් කැඩෙනකම්ම යකඩ පොලූ වලින් ගැහුවා. මං ඇදගෙන වැටුණා. වරින්වර සිහිය එන කොට මං දැක්කා මගේ පෙම්වතිය උන් දූෂණය කරන බව. මං නැගිටල ගිහින් එයාව බේරගන්න හදන කොට ආයිත් මට පහර එල්ල කළා.


මාත් එක්ක උන් ගහගන්න කොට මගේ පෙම්වතිය කෝල් එකක් අරන් ගෙදරට කියන්න උත්සාහ කළා. ඒත් ඒක දැකපු එක්කෙනෙක් ෆෝන් එක උදුරල අරගත්තා. ඊට පස්සෙ උන් එයාව බස් එකේ පිටිපස්සෙ සීට් එකට ඇදගෙන ගියා. උන් හය දෙනා වරින්වර එයාව දූෂණය කළා. ඇයට වද දුන්නා. යකඩ පොලූවලින් තුවාල කළා. ටික වේලාවකට පස්සෙ මට ඇහුණා උන් කියනව.එයා දැන් මැරිල කියලා..
පස්සෙ අපි දෙන්නව බස් එකින් බිමට ඇදල දැම්මා. අපි දෙන්නම හිටියෙ නිරුවතින්. එයාට හොඳටම තුවාල වෙලා. ඇග පුරාම ලේ වැගිරෙනවා.

ඇඳුම් නැතිව පාරේ දාල ගිය අපි දෙන්න දිහා කාර් වෑන් මෝටර් සයිකල් වේගය අඩු කරල බලල ගියා මිසක් නැවැත්තුවෙ නෑ. එකපාරක් විතරක් එක්කෙනෙක් මොකද වුනේ කියල අහල ගියා. ඒත් උදව්වට ආවෙ නෑ.

පොලිසිය ආවෙ අපි එහෙම  විනාඩි විස්සක් විතර හිටියාම. ඒ ආවත් අපිව රෝහලට යවන්නත් පොලිසියට ඕනකමක් තිබ්ඛෙ නෑ. ආපු නිලධාරීන් එතැන්ට වෙලා කවුද මේක කරල තියෙන්නෙ කිය කිය වාද කර කර හිටියා. අන්තිමට තමා එයාව රෝහලට ගෙනිච්චෙ. මගේ තුවාල වලට බේත් දාල මාව පොලිසියේම තියාන හිටියා. මාව පොලිසියේ දවස් හතරක් රඳව ගත්තා.

ඇය මිය යන්න ඉස්සර වෙච්ච හැම දෙයක්ම මහේස්ත්‍රාත්වරයාට කියල තිබ්බා. ඇයට ඕන වුනේ ඒ ම්ලේච්ඡයන්ට දඩුවම් දෙන්න. ඇය කිව්වා ඒ අපරාධකාරයො පණපිටින් පුච්චල හරි මරන්න ඕන කියල. ඇයට කරන ගෞරවය වන්නේ ඒ සාධාරණය ඉෂ්ඨ කරන එකයි.

මට මේ සාකච්ඡාවට ඇවිල්ල කියන්න ඕන වුනෙත් ඒකයි. දූෂණ වෙන කාන්තාවො තව අනන්තවත් ඇති ඒ අය මුළුගැන්වෙන්න ඕන නෑ. ඉස්සරහට ඇවිත් සටන් කරන්න මේ වගේ ම්ලේච්ඡයො ලෝකෙන් තුරන් කරන්න..

ඔහුගේ කතාවෙහි වීඩියෝ පටය පහතින්


-සම්බන්ධිත පුවත්-
සමූහ දුෂණයකට ලක් වූ ඉන්දීය සිසුවිය මියයයි..

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us