
"ඉදිරියේදීත් මා ජනතාව සමගයි" - ආචාර්ය ශිරානි බණ්ඩාරනායක
අද පස්වරු 2.15 පමණ හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තම පුත් ශවීන් සමග කොළඹ විජේරාම මාවතේ අග විනිසුරු නිල නිවසට පැමිණි අතර ඒ නිල නිවස ශ්රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට බාර දීම සඳහාය.අදාල ලිපි ගොනු ලේඛකාධිකාරී විසින් බාරගෙන තිබේ. දෙස් විදෙස් මාධ්යවේදීහු විශාල ප්රමාණයක්ද අග විනිසුරු නිල නිවසට යාබද බෞද්ධාලෝක මාවත අසලට පැමිණ සිටියහ.
කෙසේ වෙතත් බෞද්ධාලෝක මාවතේ රැඳී සිටි මාධ්යවේදීන්ට එතැනින් ඉවත්වන්නැයි පොලිසිය දැන්වීය. හිටපු අග විනිසුරුගෙන් ප්රකාශයක් ගන්නට අග විනිසුරු නිල නිවසට යාම සඳහා මාධ්යවේදීන් ඉල්ලීමක් කළද “දැන් ඇය අග විනිසුරු නෙවේ, එතන මාධ්ය හමුවක් තියන්න ඉඩ දෙන්න බෑ”යි පොලිසිය පැවසීය.
පොලීසිය විසින් ඇයට මාධ්ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදුන් අතර අගවිනිසුරුවරිය සිය වාහනයේ යමින් සිටියදී හැඟුම්බරව කල කතාව පහතින් වේ.
"මට කාටවක්වත් ස්තුතියි කියන්න ලැබුනේ නැහැ මට ..මට අවස්තාවක් හම්බ උනේ නැහැ..මම නිවේදනයක් නිකුත් කරනවා..මම අවරුදු 16 ම වැඩ කලේ බොහොම ස්ථිරසාරව නීතියට අනුකුලව..මම හැමදාමත් හිතුවෙ මගේ මහජනතාව ගැන... (වාහනය ගන්නයි පොලිසියේ බාධා කිරීම්. "පොඩ්ඩක් ගන්න වස්තුව " යනුවෙන් වාහනය එලවන පුතුට කියන අතර මාධ්යවේදීන් වාහනය නොගන්න ලෙසට විරුද්ධ වෙයි)
මම හැමදාම ඉන්නේ මගේ ආදරණිය මහජනතාව එක්ක...(පොලසිය - ඒයි ගන්න කියන්නකෝ ඕක) මම හැමදාම ඉන්නේ අපේ ආදරණිය ජනතාව එක්ක..එකේ කිසිවෙනසක් නැහැ.බොහොම ස්තුතියි..
බොහොම ස්තුතිය..මම නිර්දෝෂයි..මම නිර්දෝෂයි..(පොලීසය : ඕක ගන්නවා අයිසේ..ගන්න ගන්න ගන්න්න වාහනේ ගන්න)
ප්ලීස් ලුක් ආෆ්ටර් ත්රි ඔෆ් අස්..අපි තුන් දෙනාව බලාගන්න.. මම හැමදාම ඉන්නේ මහජනතාව එක්ක...මම හැමදාම ඉන්නේ මහජනතාව එක්ක...එකේ වෙනසක් වෙන්නේ නැහ"
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් නිකුත් කළ නිවේදනය බලන්න මෙතනින්




