Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දරුවෝ දෙන්නා නිසාවත් එකතු වෙන්න මට පුළුවන් කමක් නැහැ - මහේෂි

දරුවො වෙනුවෙන් කරන්න ඕනෑ හැම දෙයක්ම කරනවා - ගයාන්

ගයාන් විවාහය අවසන් කරයි - දරුවන්ට නඩත්තු මුදල්!

චතුරිකා හා රොෂාන් අතර පැවති විවාහය බිඳී ගිය අතර ගයාන් හා මහේෂි අතර පැවති විවාහයද බිඳී ගොස් තිබෙනවා.

පවුල් දෙකක් කඩා කප්පල් කල මෙම සිදුවීම අවසානයේ චතුරිකා රොශාන්ගෙන් වෙන් වුවා සේ ගයාන් සිය බිරිඳගෙන් ද වෙන්වී තිබෙනවා.
පසුගිය කාලයේ රොෂාන් හා චතුරිකා විවාහය බිඳ වැටුනේ තුන් වන්නෙකුගේ පැමිණීමකිනි. ඒ අන් කිසිවෙකු නොව තවත් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ගයාන් වික්‍රමතිලකගේ පැමිණීමෙනි.

ඒ අනුව ගයාන් සිය බිරිඳ වන මහේෂි වික්‍රමතිලක සමග විවාහය ප්‍රතික්ෂේප කොට දරුවන්ට වන්දි මුදලක් මාසිකව ගෙවීමට අධිකරණයේදී කැමැත්ත ප්‍රකාශකොට තිබෙනවා. ඒ ගයාන්ගේ බිරිඳ විසින් කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසුව එය විභාගයට ගත් අවස්තාවේදීය.

ගයාන්ගේ බිරිඳ දරුවන් දෙදෙනා නඩත්තු කිරීම සඳහා මාසිකව රුපියල් අනු නවදාහක් ඉල්ලා ඇතත් එයට එකඟ නොවූ ගයාන් කිසියම් වන්දි මුදලක් ගෙවීමට කැමැත්ත පලකොට තිබෙනවා.

මේ පිළිබඳව ගයාන් පවසන්නේ මෙවැන්නක්

දරුවන් ගැන බිරිය ගැන හොයලා බලන්නේ නෑ කියන්නේ. එයාලට සලකන්නේ නෑ කියන්නේ ඇත්තද?
මම නොකරනවා නම් කවුද ඒවා කරන්නේ. ඒ මගේ දරුවෝ. මම එයාලගෙ අප්පච්චි. දරුවො වෙනුවෙන් කරන්න ඕනෑ හැම දෙයක්ම කරනවා. ඒක ඊයෙටත්, අදටත්, හෙටටත් අදාළයි

දෙන්නා දෙපැත්තකට වෙලා දරුවන්ට මොන සැප සම්පත් තිබුණත් වැඩක් තියෙනවද?
එක වහල යට අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු කරනවාට වඩා ඈත ඉඳන් ඒ යුතුකම කරන එක දරුවන්ට හොඳයි.

වැඩිහිටියන්ගේ ප්‍රශ්නවලින් දුක් විඳින්නේ දරුවො කියල හිතෙන්නෙ නැද්ද?
තවදුරටත් එක වහලක් යට සිටියොත් දරුවො හැමදාම දුකින් ඉඳී. දරුවන්ට මම එයාලගෙ අප්පච්චි නැති අඩුව දැනෙන්න ඉඩ තියන්නේ නැහැ.

ගයාන්ගේ බිරිඳ මහේෂි පවසන්නේ මෙවැන්නක්

අඩු තරමේ දරුවෝ දෙන්නා ගැනවත් හිතලා ගයාන් එක්ක නැවත එකතු වෙන්න හිතන්නේ නැද්ද?
වෙනත් ගැහැනියක් ඉස්සරහා මට ආදරේ නෑ කියලා මාව දාලා ගිය කෙනෙක් එක්ක දරුවෝ දෙන්නා නිසාවත් එකතු වෙන්න මට පුළුවන්කමක් නැහැ නේද?

මේ අතර අප වෙත වාර්තා වන්නේ ගයාන් සහ චතුරිකා මග තොටේදී පවා පෙමින් වේලි එකට ගමන් කරන බවයි. එහෙයින් නෙහාරා හා මේනක මෙන් තව ටික දිනකින් ගයාන් හා චතුරිකා ද සිය විවාහය ප්‍රසිද්ධ කළහොත් අප පුදුම විය යුතු නැත.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us