
ඉස්සර කොටට ඇන්දට දැන් අදින්නේ නැහැ
නටන්න ආස හිතුණොත් තමන් නයිට් ක්ලබ් යනවා..ශිරෝෂි
ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකාගේ පෙම්වතා ජනපි්රය ගායකයෙකු වන අමල් පෙරේරා බව මේවන විට ප්රසිද්ධ රහසකි.
මේ කතාව මුළු ක්ෂේත්රයේම අය දැන සිටියද සිය පෙම්වතාගේ නම මාධ්යට හෙළි කිරීමට ශිරෝෂි නිතරම මැලිවන බවද පැවසෙනවා.
මේ සතිඅන්තයේ පුවත්පතක ටැබ්ලොයිඞ් අතිරේකයකට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින්ද ශිරෝෂි පවසා තිබුණේ තමාගේ පෙම්වතා ජනපි්රය ගායකයෙක් බව පමණකි.
කෙසේවුවද මේ හාදකම දැන් වසරක් පමණ පැරණි බවද පැවසෙනවා. අමල් පෙරේරා ප්රවීන ගායක මර්වීන් පෙරේරාගේ පුත නුවන්ය. ශිරෝෂි දිගුකලකට පසුව නැවත පසුගියදා රංගනයට අවතීර්ණ විය.
ඇය එසේ රංගනයට අවතීර්ණ වූයේ ජයප්රකාශ් සිවගුරුනාදන්ගේ අධ්යක්ෂණයක් වන පිනි වැස්සක් ටෙලි සිතුවම තුලිනි.එහි ශිරෝෂි රගනු ලැබුවේ වෙනුරි නම් වු නර්තන ශිල්පිනියකගේ චරිතයකි.අමිල අබේසේකර ඇගේ පෙම්වතා ලෙස රංගනයේ යෙදුනි.
ඒ අනුව අමිල සහ ශිරෝෂි ප්රථම වතාවට පෙම්වතුන් වූයේ පිනි වැස්සක් හරහාය.මේ ටෙලියේ තේමා ගීය ගයනු ලැබුවේ ද ශිරෝෂිගේ සැබෑ පෙම්වතා වන අමල් පෙරේරාය.ශිරෝෂි, සිරස නාලිකාවේ ප්රධානියකු සමග මීට පෙර සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බව ප්රසිද්ධ රහසකි.
ඇය උඩරට නර්තනය සඳහා යොමුවූව ඇත්තේ වයස අවුරුදු පහේදීය. කෙසේවුවත් එලෙස ආරම්භ කළ නර්තන කලාවට ඩාන්සින් ස්ටාර් චිත්රපටය හමුවනතුරු වසර කිහිපයක විරාමයක් තබා තිබූ බවත් ශිරොෂි කියන්නීය.
සිරස රූපවාහිනියේ තරුමංසල වැඩසටහන හරහා ටෙලි නිර්මාණ සඳහා දායකවූ ශිරොෂි කොටඋඩ මන්දිර, ලොක්කයියා වැනි ටෙලි නාට්යවලින් පේ්රක්ෂක ජනාදරයට පත්වූවාය. ඇය සිරස රූපවාහිනිය මගින් නිෂ්පාදනය කළ ඩාන්සින් ස්ටාර් චිත්රපටයේ ප්රධාන නිළිය ලෙසද රගපෑම විශේෂිතය.
තමන් රගපෑමෙන් අයින් වූ බව සිතා බොහෝ නිර්මාණකරුවන් තමන්ට නිර්මාණ වලට ආරාධනා නොකිරීම නිසා බොහෝ කාලයක් නිහඩව සිටීමට සිදුවු බව ශිරෝෂි පවසයි. එහෙත් ආරාධනාවක් ලැබුණොත් තමන්ට ගැළපෙනවානම් අනිවාර්යයෙන්ම රංගනයට එක්වන බව ඇගේ අදහසයි.
මේ දිනවල විකාශනය වන ඇගේ ‘පිණි වැස්සක්’ ටෙලිනාට්යයට හොද ප්රේක්ෂක ප්රතිචාරයක් ලැබෙමින් පවතී.
පුරුද්දක් වශයෙන් නයිට් ක්ලබ් නොගියත් නටන්න ආස හිතුණොත් තමන් නයිට් ක්ලබ් යන බව ශිරෝෂි පැවසුවාය. නිළියක් නම් අනිවාර්යයෙන්ම නයිට් ක්ලබ් යා යුතුයි කියන මතය තමන් නොපිළිගන්නා බවත් එය තමන්ගේ කැමැත්ත මත සිදුවිය යුතු දෙයක් බවත් ඇය පැවසුවාය.
විලාසිතා කළත් එය තමන්ට ගැළපෙන ලෙසකින් කළ යුතු බවත් තමා ඉස්සර කොටට ඇන්දත් දැන් එලෙස අදින්නේ නැත්තේ නොතේරෙන කාලයේ කළ දේවල් තේරෙන කාලේ කිරීම අනවශ්ය බව සිතුණ බැවින් බවත් ශිරෝෂි පැවසුවාය.




