
පසුව "සිහින පියාපත්", "මලී", සහ "භාර්යාවෝ" යන ටෙලිනාට්‍යවල රඟපෑ ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.
කෙසේ වුවද ශලනි තාරකාගේ අනාගත සහකරුවා කෙබඳු අයෙකු විය යුතුද යන්න ඇය පවසා තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ ඇය ඒ පිලිබදව දැක්වූ අදහස් කීපයකි..
"මම එච්චර උස නැති හින්දා උස අය ගැන පුංචි විශේෂත්වයක් මගේ හිතේ තිබුණා. ඒ වගේම සුදු අයට මම කැමති නැහැ. ඒ හින්ඳා මගේ හිතේ ඇඳුනු රූපයක් තිබුණා.
හැබැයි ඉතින් නව යොවු වයසේදී ඒ විදිහට රූපයක් හිතේ තිබුනට කාලයත් එක්ක ඒවා වෙනස් වෙනවා. ඊට පස්සේ මුල්තැන දෙන්නේ ගතිගුණ වලටයි එයාගේ පසුබිමටයි.
මට ටිකක් කේන්ති යන හින්දා මට ගැලපෙනේ ඉවසීම තියන කෙනෙක්. ඒවගේම කලාව ගැන අවබෝධයක් තිබිය යුතුයි. ගොඩාක් අය කලාව දිහා, නිළියන් දිහා වපර ඇසින් බලනවා.
විවාහයෙන් පසුව දිගටම මම කලා ක්ෂේත්රයේ සිටියත් නැතත් මම නිළියක් ලෙස ක්ෂේත්රයේ සිටි කෙනෙක්.
ඒ නිසා මමත් අනාගත සහකරු වන කෙනාට කලාව ගැන, කලා ලෝකය ගැන බොහොම හොඳ අවබෝධයක් තිබිය යුතුයි.
කලව තුල රැඳුන කෙනෙක්ද වෙනත් ක්ෂේත්රයක ඉන්න කෙනෙක්ද කියා එක ප්‍රශ්නයක් නැහැ. ස්ථාවර මට්ටමක සිටිය යුතුයි.
මම කියන්නේ මහ ලොකු සල්ලි ගොඩක් තිබෙන කෙනෙකු විය යුතුයි කියලා නෙවෙයි මාව ජීවත් කරවන්න හැකි මට්ටමක හිටියම ඇති."






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)