
ලොව අංක එකේ සෙවුම් යන්ත්රය වන ගුගල් සෙවුම් යන්ත්ර සේවාව විසින් පවත්වාගෙන යන doodle සේවාව ඔස්සේ ශ්රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ.
ගූගල් සමාගමේ අන්තර්ජාතික සංස්කරණය නොව ලංකාවේ වැඩි දෙනෙකු භාවිතයට ගන්නා ලාංකීය සංස්කරණය මෙම වෙනසට ලක් කර ඇති අතර ඉන්දියාව හා පකිස්තානය ඇතුළු ලොව රටවල් රාශියක නිදහස් දින වෙනුවෙන්ද මේ ආකාරයට ගූගල් වෙනස්වී තිබුණා.





