අයි පී එල් 2013 වෙන්දේසිය ජයගත්තෝ හා පරාජිතයෝ
දෙවන වැඩිම ඉල්ලූම අජන්ත මෙන්ඩිස්ට..
මැක්ස්වෙල්ට ඩොලර් මිලියනයක්
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සඳහා පැවති වෙන්දේසියේදී ශ්රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්රීඩක අජන්ත මෙන්ඩිස් අමෙරිකානු ඩොලර් 725,000ටත් තිසර පෙරේරා අමෙරිකානු ඩොලර් 675,000ටත්, සචිත්ර සේනානායක අමෙරිකානු ඩොලර් 6,25,000ටත් මිලදී ගෙන තිබේ.
අජන්ත මෙන්ඩිස් පුනේ වොරියස් කණ්ඩායමත්, තිසර පෙරේරා හයිද්රාබාද් සන්රයිස් කණ්ඩායමත් මිලදී ගෙන ඇති අතර සචිත්ර සේනානායක මිලදී ගෙන ඇත්තේ කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායමයි.
මීට අමතරව ජීවන් මෙන්ඩිස් අමෙරිකානු ඩොලර් 50,000ට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම මිලදී ගෙන ඇති අතර අකිල ධනංජය අමෙරිකානු ඩොලර් 20,000ට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත.
තවද කුෂල් පෙරේරාත් අමෙරිකානු ඩොලර් 20,000ට මිලදී ගෙන ඇත්තේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමයි.
මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායම විසින් වැඩිම මුදලකට මිලදී ගෙන ඇත්තේ ඔස්ට්රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක ග්ලේන් මැක්ස්වෙල් වන අතර ඒ අමෙරිකානු ඩොලර් මිලියනකටයි.
ඔහුට පසුව වැඩිම මුදලකට මිලදී ගෙන ඇත්තේ අජන්ත මෙන්ඩිස්ය.
06 වැනි වරට පැවැත්වෙන ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ලබන අප්රේල් මාසයේදී පැවත්වීමට නියමිතය.
කෙසේ වෙතත් අද පැවැති වෙන්දේසීයේදී ශ්රී ලංකා කණ්ඩායමේ රංගන හේරත්, දිනේෂ් චන්දිමාල්, ප්රසන්න ජයවර්ධන, කෞෂාල් සිල්වා, උපුල් තරංග, සුරාජ් රන්දිව් මිලදී ගෙන නැහැ.
අලෙවි වූ හා නොවූ ක්රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තු පහතින්
අලෙවි නොවූ ක්රීඩකයින්ගේ ලැයිස්තුව පහතින්







