Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කසුන් කල්හාරගේ සංගීතයට නයි නලගන
මියුසික් වීඩියෝවක නටලා...

නාගයෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ආන්දෝලනයට ලක්ව ජනමාධ්‍ය තුළ පුවත් මවන්නියක බවට පත්ව සිටි නයි නළඟන ලෙස ප්‍රකට කොල්ලූපිටිය ක්ලියෝ පැට‍්‍රා සමාජ ශාලාවේ නිරෝෂා විමලරත්න නැමැත්තිය

දැන් ඇය ප්‍රසිද්ධ වී ඇති තරම කෙතෙක්ද යත් නයි නලගන දැන් මියුසික් වීඩියෝ වලට සිය නර්තනයන් ඉදිරිපත් කරන්නට දායකවී තිඛෙනවා.
කසුන් කල්හාරගේ සංගීතයට හරේන්ද්‍ර හා මාධව නමැති නව පරපුරේ ගායකයින් ගයන නාඳුනන දෑසින් නමැති පිටවන්නට නියමිත ගීතයේ මියුසික් වීඩියෝවට නයි නලගන සිය නර්තනයන් ඉදිරිපත් කරන බව වාර්තා වනවා.

කාලයක් තිස්සේ මෙම ගීත නිර්මාණය සකස් කරන්නට වෙහෙස දරමින් සිටියදී එහි රංගනය සඳහා නයිට් ක්ලබ් ඩාන්ස් කරන තරුණියක සොයමින් සිටි බවත් ඒ සඳහා වඩාත් ගැලපෙන කෙනෙකු ලෙස නයි නලගන තෝරාගෙන ඇයව සම්බන්ධ කරගත් බවත් නිර්මාණකරුවන් පවසනවා.

මෙම ගීතයේ වීඩියෝව තව නොබෝ දිනකින්ම නිකුත් කරන්නට යන අතර එහි ඡායාරූප දෙකතුනක් පමණක් අපට සොයාගන්නට ලැබුණා. මේ සමග පළව ඇත්තේ ඒවාය.

මෙම රංගනයට දායකවූ නයි නලගන පවසා ඇත්තේ ඇය මියුසික් වීඩියෝවෙන් නතර නොවන බවත් ඉදිරියේදී නිරූපිකාවක් වන්නටත් රූපවාහිනී නිවේදිකාවක් වන්නටත් බලාපොරොත්තුවෙන් සිටින බවයි.



උපුටා ගැනීම මවුබිම පුවත් පතෙනි 

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us