Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැතිගේ පළමු උත්සවයේ වියදම කෝටිය පනී..

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (12 දා) පෙරවරු 10.00 ට පළමු වරට කොලොන්නාව තෙල් නිමා සංකීර්ණය වෙත පැමිණීමේ උත්සවය මුල්කරගෙන රුපියල් ලක්ෂ හතළිස් දෙකක් වැයකර එම ගොඩනැගිලි පරිශ්‍රයේ තීන්ත ආලේප කර තිබේ.

එම තීන්ත ආලේප කිරීමේ කටයුතුවල නිරත සේවක සේවිකාවන් හාරසිය දෙනකුට දින හතරකට අතිකාල දීමනා ලෙස රුපියල් ලක්ෂ තිස්පහක් ද (35 ක්) වැයවී ඇතැයි ගණන් බලා ඇත.

රුපියල් තුන්දහස් දෙසීයක් වටිනා මල් පෝච්චි 35 ක් ද අලුතෙන්ම මිලදී ගෙන ඇති අතර රියෑදුරන්, ලිපිකරුවන්, ආරක්ෂක අංශ නිලධාරීන් සමග විධායක ශේණි නිලධාරීන් ද දින 4 ක් තිස්සේ අතිකාල දීමනා ලබමින් උත්සවය සංවිධානය කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මේ වන විට මුදල් නැතැයි කියමින් සේවකයන්ට ලබාදෙන නිවාස ණය ආදී පහසුකම් නතර කර පිළිගැනීමේ උත්සවයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ සීයක් පමණ වැය කිරීම පිළිබඳව සොයා බලන ලෙස සේවකයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

කොලොන්නාවේ තෙල් නිමා සංකීර්ණයේ වැසිකිළි පද්ධතිය ජරාජීර්ණව ඇති ආකාරය සොයා බලන ලෙස ද උත්සවයට පැමිණෙන ඇමැතිවරයාගෙන් සේවකයෝ ඉල්ලා සිටිති.

අගවිනිසුරුවරියට ගෙන ආ දෝෂාභියෝගය වෙනුවෙන් සැලකියයුතු කාර්යභාරයක් කිරීම වෙනුවෙන් මෙම අමාත්‍යධූරය අනුර ප්‍රියදර්ශන මහතාට ලැබුණු බව බොහෝ දෙනාගේ මතයයි.
-------------------------------------------

අලුත් ඇමතිවරු රටට බරක් වන හැටි

අලුතෙන් පත්වූ ඇමතිවරුන් හය දෙනාගේ මාසික වැටුප සඳහා වියදම රුපියල් 411,000ක් වන්නේය.

ඇමතිවරයෙකුගේ පෙට්‍රල් වාහනයක ඉන්ධන දීමනාව බස්නාහිර පළාත සඳහා 50,000කි. බස්නාහිරනින් පිටත ඇමතිවරු සඳහා මාසික ඉන්ධන දීමනාව රුපියල් 72,000 කි.

අලුතින් පත්වූ ඇමතිවරු හය දෙනාම කොළඹින් පිටය. ඒ නිසා මෙම ඇමතිවරු හය දෙනාට මාසික දීමනාව ලෙස 432,000ක් වැය කලයුතු වේ. වසරකට 5,584,000කි.

ඇමතිවරයෙකුට කාර්යාල හා නිවාස දුරකථන දෙක බැගින්ද ජංගම දුරකතනයක් , ෆැක්ස් යන්ත්‍රයක් පරිඝනක යන්ත්‍රයක් හිමිවෙයි. ඇමතිවරයෙකුගේ දුරකථන සඳහා රුපියල් 24,000 ක මාසික දීමනාවක් ගෙවනු ඇත. රුපියල් ලක්ෂ හැට පහක වාහන බදු රහිතව ගෙන්වීම අවස්ථාවද මෙම ඇමතිවරුන්ට උදාවී ඇත ඇමතිවරයෙකු කාර්ය මණ්ඩලය 15 කි.

නියෝජ්‍ය ඇමැතිවරයකුගේ 10 කි. ඒ අනුව මෙම නව ඇමතිවරුන් සියාලු දෙනා පෙර නියෝජ්‍ය ඇමතිවරුන් බැවින් තවත් පස් දෙනෙකු කාර්ය මණ්ඩලයට බඳවා ගත යුතුය. ඔවුන් සඳහා වාර්ෂිකව 720,000ක පමණ වැටුප් ගෙවීමට සිදුවේ.

ඇමති කාර්ය මණ්ඩලයට ඉන්ධන දීමනා හිමිය. පෞද්ගලික ලේකම්ට මාසිකව ඩිසල් ලීටර් 240 ක්ද, මහජන සම්බන්ධතා නිලධාරියාට මාසිකව ලීටර් 218 ක්ද හිමිවේ. පොදුවේ ගත්කල ඇමතිවරයා හා කාර්ය මණ්ඩලයට වැටුප් දීමනා ආරකෂාව හා පහසුකම් වෙනුවෙන් මසකට වැයකිරීමට සිදුවන මුදල මිලියන 32 කි. ඇමතිවරු 64 දෙනා සඳහා (ජනාධිපති හැර) මසකට වැයවන මුදල කෝටි 200 කට ආසන්නය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us