
ඊයේ(11)කොල්ලූපිටිය ප්රදේශයේ සමාජ ශාලා හතරක් වටලා ඒවායේ සිටි ගණිකාවන් හා කළමනාකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත අතර සමාජශාලා හා කැරෝකි ශාලා ලෙසට කොල්ලූපිටිය හා ඒ අවට පවත්වා ගෙන ගිය මෙම ස්ථාන නම් සන්හිල්,පියුස්, ජී එම් සි,ලාෂ් යන නම් වලින් පවත්වාගෙන ගොස් ඇත..
මෙම සමාජ ශාලා වටලන අවස්ථාවේ මේවායේ සිටි තායි කාන්තාවන් දෙදෙනෙකු වීන කාන්තාවක් ඉන්දියන් හා මෙරට කාන්තාවන් පස් දෙනෙකු ඇතුලූ ගණිකාවන් රැසක් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්්යාලය ප්රකාශ කර ඇත
පොලීසිය වටලන බව දැනගෙන එම සිථාන වල කිහිපදෙනෙකුම තාප්ප වලින් පැන අවට කඩ සාප්පු වලට හ පළා ගිය බව ද අනාවරණය වුණා මෙම සමාජ ශාලා හතරෙන් දෙකක් වන සන්හිල් හා ලාෂ් වසන්ත නැමැත්තෙකුට හිමි අතර ජී එම් සී අමල් රොද්රිගුටද පියුස් රාෂික් නැමැත්තෙකුටද හිමි බවත් මෙතෙක් කල් කැරෝකි බලපත්රයක් යටතේ මෙම ස්ථාන පවත්වා ගෙන ගිය නමුත් ඒවායේ බලපත්ර අලූත් කිරීමට සිදුකර නොමැති බව එහිදී වාර්තා වුණා
රුපියල් 3500 සිට ඉහළ මිල ගණන් වලට මෙම ස්ථාන වලින් පහසුවෙන් කාන්තාවන් ලබා ගත හැකිව තිබූ අතර දේශපාලන සබදතා හේතුවෙන් මේ සදහා කිසිදු බලපෑමක් මතු වී නොමැති බව ද තහවුරු වුණා අත්අඩංගුවට පත් කාන්තාවන් වයස අවුරුදු 24ත්, 36ත් අතර වන බව සඳහන්. එමෙන්ම වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි කළමනාකාරවරයා ද පොලිස් අත්අඩංගුවට පත්ව තිඛෙනවා.
මෙම සුපිරි ගණිකා නිවාසයේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ..මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වැටළීම් සිදුවන්නට ආසන්නම හේතුව වී ඇත්තේ පෙරේදා ඉහළම පෙළේ දේශපාලනඥයෙකුගේ පුත්රයෙකුගේ ලාබාල මිතුරන් පිරිසක් ගෙවල් වලට බොරු කියා මේවායේ සේවය ලබාගත් බව ඉහළට සැලවීමෙන් පසු මෙම වැටළීම් සිදු කර ඇති බවයි




