.png)
ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී අද (11) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.
එම අවබෝධතා ගිවිසුමේ අරමුණ බවට පත්වුයේ ජනතාවාදී ආණ්ඩුවක් බිහිකර ගැනීම හා රට තුළ ප්රජාතන්ත්රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා පොදු විපක්ෂයක් ලෙස එක්ව කටයුතු කිරීමයි.
විපක්ෂනායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා වික්රමබාහු කරුණාරත්න, මනෝ ගනේෂන්, හේමකුමාර නානායක්කාර ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් එක්ව සිටි අතර ඔවුන් එහිදී අත්වැල් ඔසවා ආණ්ඩුවට එරෙහිව නව බලවේගයක් ගොඩනැගීමට සියලුදෙනා එක්වන බව කියා සිටියේ මෙලෙසිනි.
කොළඹ නව නගර ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණ. නීතියේ සමානාත්මතාවය, ප්රජාත්නත්රවාදය හා මූලික අයිතිය තහවුරු කිරීම, මූලික අයිතිවාසිකම් රැක ගැනීම, දූෂණය වංචාව සහ අක්රමිකතාවය පිටුදැකීම, ඇතුළු ප්රධාන කරුණු හතක් යටතේ මෙම අවබෝධතා ගිවිසුමට දේශපාලන නායකයෝ අත්සන් තැබූහ.
එජාප නායක රනිල් වික්රමසිංහ මහතාට අමතරව නව සමසමාජ පක්ෂය නායක ආචාර්ය වික්රමබාහු කරුණාරත්න, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර, රුහුණු ජනතා පෙරමුණේ නායක අරුණ සොයිසා, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි, මුස්ලිම්-දෙමළ ජාතික සන්ධානයේ නායක අසාද් සාලි හා නිදහසේ වේදිකාව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්වරුන් එසේ පොදු එකඟතා ලියවිල්ලට අත්සන් තබන ලදී.
ආණ්ඩුව පෙරළන්න එක්වෙමු - මැතිවරණවලදී වෙන්වෙමු





