.jpg)
රජයේ රෝහල්වල ඇතැම් වෛද්යවරුන් රෝහල් කාර්ය මණ්ඩලවලට සම්බන්ධ කාන්තාවන් ‘දූෂණය කරමින්’ අලූත් අන්දමේ ප්රතිකාර ක්රමයක් ආරම්භ කොට තිබේ.
දින තුනක් ඇතුළත එවැනි කාන්තා අපචාර දෙකක් රජයේ රෝහල් දෙකකින් වාර්තා විය.
එක් සිද්ධියක් වාර්තා වෙන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලෙනි. දෙවැනි සිද්ධිය රඹාවැව රජයේ රෝහලෙනි.
කුරුණෑගල රෝහලෙන් වාර්තා වන්නේ එහි වෛද්යවරයකු හෙද ශිෂ්යාවක අස්වාභාවික ලිංගික අපචාරයකට ලක් කිරීමයි. කුරුණෑගල හෙද පුහුණු අභ්යාස විද්යාලයේ පුහුණුව ලබන අතවරයට පත් මේ හෙද ශිෂ්යාව දැනට හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අසාධ්ය තත්ත්වයකින් ප්රතිකාර ලබමින් සිටී.
කුරුණෑගල ශික්ෂණ රෝහලට පුහුණුව සඳහා පැමිණෙන මේ හෙද ශිෂ්යාව, ඉහතකී වෛද්යවරයා විසින් අස්වාභාවික ලිංගික ක්රියාවකට යොදා ගැනීමෙන් පසු දැඩි ලෙස රුධිරය වහනය වන්නට පටන් ගෙන ඇති අතර ප්රතිකාර සඳහා ඇය කුරුණෑගල රෝහලට ඇතුළත් කළහොත් සිද්ධිය හෙළිදරව් වීමට ඉඩ ඇති නිසා, එය වසන්කර ගැනීමේ අරමු නින් තරුණිය කුරුණෑගල රෝහලට ඇතුළත් නොකර හලාවත රෝහලට ඇතුළත් කර ඇති බැව් වාර්තා වේ.
හෙද ශිෂ්යාව මේ අකරතැබ්බයකට මුහුණ පා තිඛෙන්නේ පෙරේදාය. එදිනම රාත්රියේ ඇය හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර, පසුගිය 6 වැනිදා රඹාවැව රෝහලේ වෛද්යවරයකු එම රෝහලේම වින්නඹු මාතාවක් දූෂණය කළ පුවතක්ද රඹාවැවෙන් වාර්තා විය.




