Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

විහාරාධිපති හිමියන්ගේ ඝාතනයට සැකපිට මොරටුව උප නගරාධිපති අත්අඩංගුවට...

සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි තබා මරා දමලා

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද (04) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි
මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් ඊයේ (03) රාත‍්‍රී 9.30 ට පමණ විහාරස්ථානයේ බෝ මළුව අසළ දී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් නිසා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත්විය.

අපවත් වන විට උන්වහන්සේ 46 වැනි වියේ පසුවූ අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසිය සැක කරයි.

ස්වාමින් වහන්සේගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු බණ්ඩාරගම, දැල්කඩ පුදේශයේ තිබී සොයාගන්නා ලදී.

ඔවුන් වෙඩි තබා ඝාතනය කර තිබු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.



-----------------------------
February 4, 2013  1050 am

හිමිනම ඝාතන සැකකරුවන්ගේ මළ සිරුරු හමුවෙයි
මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමිනම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු බණ්ඩාරගම, දැල්කඩ පුදේශයේ තිබී හමුවී ඇත.

එම සැකකරුවන් දෙදෙනා වෙඩි වැදී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

විහාරස්ථානයට අයත් ඉඩමක අනවසරයෙන් පදිංචිව සිටි පුද්ගලයන් දෙදෙනකු සහ විහාරාධිපති හිමිනම අතර කලක සිට ඒ සම්බන්ධයෙන් ආරවුලක් පැවති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ආරවුල සම්බන්ධයෙන් සිවිල් නඩුවක් පවරා ඇති අතර විහාරාධිපති හිමිනම ඊයේ (03) දිනයේ දී ද මොරටුව පොලීසියට ඉඩම් ආරවුල පිළිබඳ යළි පැමිණිලි කර තිබේ.

ඊයේ රාත‍්‍රී 9.30 ට පමණ විහාරස්ථාන භූමියේ දී අදාළ හිමි නම ඝාතනය කර තිබූ අතර සිද්ධියෙන් පසු කළහකාරී ලෙස හැසිරුණු පිරිස් විහාරස්ථානයට යාබද නිවාස කිහිපයකට හානි සිදුකර ඇත.

----------------------------------------------------

February 4, 2013  08:43 am
ඉඩම් ආරවුලකට හිමිනමක් ඝාතනය කෙරෙයි

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමය විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබේ.

ඊයේ (03) රාත‍්‍රී 9.30 ට පමණ විහාරස්ථානයේ බෝ මළුව අසල දී තියුණු ආයුධවලින් පහර කෑමට ලක්වූ එම හිමිනම පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වූ බව පොලීසිය පැවසුවේය.

අපවත් වන විට උන්වහන්සේ 46 වැනි වියේ පසුවූ අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඝාතනයෙන් පසු ඊයේ මොරටුව ප‍්‍රදේශයේ කලහකාරි තත්ත්වයක් වාර්තා වූ අතර ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ප‍්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබිණි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us