
සිය වම් අත අහිමිවූ නීති ශිෂ්යා අචලාගේ මව සෙනසුරාදා සවස ලෙබනනයේ සිට ලංකාවට පැමිණියා.
එම සිදුවීම සිද්ධවී දින ගණනාවක් ගතවුණත් අචලාගේ මවට ලංකාවට එකවරම එන්නට නොහැකිවී ඇත්තේ එරටින් පණවා තිබූ තහංචි නිසාය.
ඇය ලෙබනනයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි අතර හදිසියේ ඇයට ලංකාවට පැමිණෙන්නට එරට ස්වාමියා අවසර ලබාදී නොමැත.
මේ නිසා ඇයට ලංකාවට පැමිණෙන්නට සිදුව ඇත්තේ එම රැකියාව අතහැර දමාය. ඇය එරටින් පැමිණෙන්නේ නම් අලාභය ගෙවන ලෙස ඔවුන් දන්වා ඇති අතර ජනාධිපති විදේශ ඇමති හා ලංකාවේ තානාපති මැදිහත්වී ඉල්ලීම් කර අලාභය ගෙවන්නට කටයුතු යොදා තිඛෙනවා.
ඇය රෝහලට පැමිණ අචලා මුණගැසුණු සංවේදී අවස්ථාව ඡායාරූපවල දැක්වෙනවා.






