Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ආයෙත් බාල ඉන්ධන ගෙනල්ලා.. IOC බාල ඩීසල් මෙට්‍රික් ටොන් 5000ක් ඉවතට..

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ගෙන්වන ලද ඩීසල් තොගය ප‍්‍රමිතියෙන් තොර බවට තහවුරු වී ඇතැයි ඉන්ධන තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

රසායනාගාර පර්යේෂණවලින් ඒ බව තහවුරු වු බවත් ඒ අනුව එම ඩීසල් තොගය නැවෙන් ගොඩබෑමක් හෝ වෙළඳපොළට නිකුත් කිරීමක් හෝ සිදුනොවන බව එහි මාධ්‍ය ප‍්‍රකාශක නිශ්ශංක ජයවර්ධන මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප ලංකා අයි. ඕ. සී. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුබෝද් දක්වාල් මහතාගෙන් විමසීමක් කරන ලදී.

අදාළ ඩීසල් තොගය සිංගප්පූරුවේ සමාගමකින් ආනයනය කළ බව ඔහු සඳහන් කළේය.

එහෙත් එම ඩීසල් ප‍්‍රමිතියෙන් තොර බවට තහවුරු වු බැවින් එය ආපසු සමාගමට භාරදීමට පියවර ගන්නා බව සුබෝද් දක්වාල් මහතා ප‍ැවසීය.

කිසිදු ලෙසකින් ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන බෙදාහැරීමට කටයුතු නොකරන බව ලංකා ඉන්දීයන් ඔයිල් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්ධන මෙට්‍රික්ටොන් 40,000 කින් යුත් නෞකාවක් ලංකා අයි. ඕ. සී සමාගම විසින් ගෙන්වා ඇති අතර එහි ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන පවතින බවට පසුගිය දිනවල වාර්තා විය.

ඒවා චීනයේ වරායකට ද ගෙනයන අතර එහි තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 5000ක තොගය ප්‍රමිතියෙන් තොර බව මෙලෙස තහවුරු වී තිබේ.

මීට පෙරද බාල ඉන්ධන බෙදාහැරීම හේතුවෙන් වාහන ඇතුළු යන්ත්‍රෝපකරණ රැසක් අක‍්‍රීය විය.

ආයෙත් බාල ඉන්ධන ගෙනල්ලාද?

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us