Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

තුංගසිරිට කසර පහර 100ක්ද සමගින් වසරක කාලයක් සඳහා සිරදඬුවම්

සෞදි නීතියට පිටුපා එරටදී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරී‍මේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නැමැති දෙදරු පියා කසර පහර 100ක්ද සමගින් වසරක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර තිබේ.

සෞදියේ රියදුරෙකු ලෙස සේවය කළ මොහු එරටදී බුදුන් වැඳීමේ චෝදනාව මත පොලීස් අත්අඩංගුවට ගත් බවට මීට පෙර අනාවරණය කර තිබුණද එම තොරතුරු අසත්‍ය බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබිණ.
කෙසේ හෝ තුංගසිරි නැමැති මොහු තමාගේ ඥාතියෙකු යැයි පැවසෙන කාන්තාවක් සේවය කරන නිවසකට නීති විරෝධී ලෙස ඇතුළුවීමේ චෝදනාව මත සෞදි පොලීසිය විසින් පසුගිය වසරේ මැයි මස අත්අඩංගුවට ගන්නා ලදී.

එසේ අත්අඩංගුවට ගත් සැකකාර තුංගසිරි සෞදි අධිකරණය ඉදිරියේදී එරට නීතිය උල්ලංඝණය කිරීමේ‍ චෝදනාව මත වැරදිකරු බවට පත්වීමෙන් පසු කසපහර 100ක් සමග වසරක සිරදඬුවමක් මෙලෙස නියම කර ඇත.

තවද ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉකුත් වසරේ මැයි මාසයේ සිට මේ වසරේ මැයි මාසය වන විට එකී දඬුවම අවසන් වන බවද විදෙස් වාර්තා පවසයි.

ශ්‍රී ලංකාවේ පදියතලාව ප්‍රදේශයේ පදිංචි තුංගසිරි දුවෙකු හා පුතෙකුගේ දෙදරු පියෙකු බවද ඔහුට එරෙහිව සෞදි අධිකරණය ලබාදුන් තීන්දූව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබීමට නියමිත බවද එම වාර්තා අනාවරණය කරයි.
තමා විදේශ ගත කිරීමට අදාළ නියෝජිතයා මෙම සිද්ධියට සම්බන්ධ නැතැයිද සිය විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි එරට බන්ධනාගාර නිලධාරීන්ට භාරදී ඇතැයිද තුංගසිරි පවසා තිබේ. මේ අතර පොදු සමාව යටතේ නිදහස ලැබීමට ඇති අයගේ නාමලේඛනයේ තුංගසිරිගේ නම ඇතැයි ද පැවසෙන අතර එසේ අවස්ථාව ලැබුණහොත් තුංගසිරිට මැයි මාසයට පෙර නිදහස් විය හැකි බවද විදෙස් වාර්තා අනාවරණය කරයි.

සෞදියේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින්ට එරට නීතිය සම්බන්ධයෙන් දැනුමක් ලබානොදීම හේතුවෙන් මෙවැනි අකරතැබ්බවලට මුහුණ පෑමට සිදුවන බවත් ඒ අනුව ශ්‍රමිකයින්ට එරට නීතිය සම්බන්ධයෙන් දැනුමක් ලබාදිය යුතු බවත් සෞදි බලධාරීන් පෙන්වාදෙයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us