
ආසියාවේ ආශ්චර්යට යන ගමනේ ශ්රී ලංකාවේ ස්ත්රී දුෂණ..
අවිවාහක තරුණියකට ලිංගික අතවරයක් කරන ලදැයි කියන අරණායක ප්රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රි බන්දුල සරත් කුමාර මහතා ඊයේ (7දා) කෑගල්ල පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
කරාබු සොරකමක් පිළිබඳ සොයා බැලීම සඳහා එම නිවෙසට ගොස් ඇති මන්ත්රිවරයා එම නිවෙසේ තනිවම සිටි 18 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් කළැයි තරුණිය විසින් කෑගල්ල පොලිසියේ කාන්තා කාර්යාංශය වෙත ඉකුත් 16 වැනිදා පැමිණිල්ලක් කර තිබිණි.
ප්රාදේශීය සභා මන්ත්රිවරයා කෑගල්ල පොලිස් කොට්ඨාසයේ දම්පැල්ගොඩ බොස්සැල්ල ප්රදේශයේදී මෙම අතවරය සිදුකළ බැව් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
තරුණියගේ ප්රකාශ සටහන් කර ගැනීමෙන් පසු විමර්ශන කටයුතු කළ පොලිස් නිලධාරීහු අරණායක ප්රාදේශීය සභාවේ මෙකී මන්ත්රිවරයා අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචි දෙබත්ගම පල්ලේගමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් නිවෙසට පැමිණෙනු දැක ඔහු සිය නිවෙසේ ඇති ආරක්ෂිත බැම්මෙන් පැනගොස් ඇත. එසේ පැනගොස් තිබුණේ පෙබරවාරි මස 2 වැනිදාය.
පොලිසිය මඟහරිමින් සිටි මන්ත්රිවරයා ඊයේ (7දා) කෑගල්ල පොලිසියට පැමිණ භාර වී ඇත. මන්ත්රිවරයා අරණායක දෙබත්ගම පදිංචි දෙදරු පියකි. කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකටයුතු ප්රාදේශීය සභා මන්ත්රිවරයා කෑගල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දහදාහක මුදල් ඇපයක් මත මුදාහැර ඇත.
ප්රේමලාල් විජේරත්න, කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ




