
ශ්රී ලංකාවේ ජාතික කොඩිය යම් විකෘතියකට ලක් කල ස්ටිකර්ස් දිවයින පුරා ඛෙදා හරින බවට බොදු බල සේනා සංවිධානයට ලැබුන පැමිණිල්ලකට අනුව එම සංවිධානයේ විමර්ශන කණ්ඩායම් පිටකොටුව ප්රදේශය තුල කල සොයා බැලීමකදී එම පැමිණිල්ලෙ
සත්යතාව තහවුරු කරගෙන තිබේ...
ජාතික කොඩියට මෙලෙස අපහාස කරන පිරිස් වලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්න ලෙසත්, ඉදිරියේදී ජාතික කොඩිය මුද්රණය, ඛෙදාහැරීම, විකණීම, ප්රදර්ශනය කිරීම පිලිබඳව ගැලපෙන ප්රමිතියක් ඇති කරන ලෙසටත් බොදු බල සේනා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ඉදිරියේදී ජාතික කොඩියට ගරු කරන පරිසරයක් නිර්මාණය කිරීමට දැනුවත් කිරීම් හා පුහුණු වීම් කිරීමට තම සංවිධානය ඉදිරියේදී කටයුතු කරන බවද බොදු බල සේනා සංවිධානය පවසයි.
එම සංවිධානය නිකුත්කළ නිවේදනයක එබව සදහන්වේ. එම නිවේදනයේ මෙසේද සදහන්වේ.
ශ්රී ලංකාවේ ජාතික කොඩිය හෝ ධජය යනු ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව නිර්වචනය කරනලද පැහැදිලිව චිත්රණය කොට නිරුපනය කර ඇති කරුණකි. එය හිතමතා හෝ නොදැනුවත්ව යම් වෙනසකට ලක් කිරීම ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
පසුගියදා බොදු බල සේනාවට ලැබුන පැමිණිල්ලකට අනුව ප්රකාශ වුයේ ශ්රී ලංකාවේ ජාතික කොඩිය යම් විකෘතියකට ලක් කල ස්ටිකර්ස් දිවයින පුරා ඛෙදා හරින බවය. ඒ අනුව බොදු බල සේනාව පිටකොටුව ප්රදේශය තුල කල සොයා බැලීමකදී එම පැමිණිල්ලේ සත්යතාව තහවුරු කරගන්නා ලදී.
65 වැනි නිදහස් සමරුව සඳහා මෙම ස්ටිකර් තොගය චීනයෙන් මුද්රණය කර ආනයනය කර ඇති බවට තොරතුරු හෙළි වී ඇතත් එය සනාථ කර ගැනීමට තවමත් නිසියාකාර සාක්ෂි ලැබී නැති බව පොලීසීය පවසයි.
ව්යවස්ථාවේ සඳහන් පරිදි ජාතික කොඩිය හා වෙනස් කරන ලද ජාතික කොඩිය පහත දැක්වේ.
![]() |
| ජාතික කොඩිය |
![]() |
| වෙනස් කරන ලද ජාතික කොඩිය |






