
ඒ අනුව ලබන සිකුරාදා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත ජනාධිපතිවරයා බිහාර් හි පිහිටි බුද්ධගයා ප්රදේශයේ මෙන්ම ආන්ද්රා හි තිරුපති යන ප්රදේශවලද සංචාරය කිරීමට නියමිතය.
එහිදී ජනාධිපතිවරයා බිහාර් ප්රධාන අමාත්ය නිටිෂ් කුමාර් මහතා හමුවීමට ද නියමිතව තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට එරෙහිව දකුණු ඉන්දියාවේ ද්රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධතා දක්වන බව පසුගිය දිනවල ප්රකාශ කර තිබිණ.
ඒ අනුව එල්.ටී.ටි.ඊ. හිතවාදී ද්රවිඩ සංවිධාන මෙන්ම ඩී.එම්.කේ පක්ෂ නායක එම්. කරුණානිධි ඇතුළු ඔහුෙග් ආධාරකරුවන් ද චෙන්නායි හිදී ලබන 08 වැනිදා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එසේම නවදිල්ලි හි ඉන්දීය අග්රාමත්යවරයාගේ නිල නිවස ඉදිරිපිටද විරෝධතා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කරයි.




