Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Showing posts with label Mahinda Rajapaksa. Show all posts

ජාතීන් අනුව රටක් බෙදිය නොහැකි බවත් මේ රටේ කිසිදු ජාතියකට හෝ කිසිදු ආගමිකයකුට මේ අපේ පළාත යැයි වෙනම ප‍්‍රදේශයක් නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ප‍්‍රතිස්සංකරණය කරන ලද බේරුවල, සීනාවත්ත ජුම්මා මස්ජීඞ් මුස්ලිම් පල්ලිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (06) එක්වෙමිනි.

වත්මන් ආණ්ඩුව රටේ ජාතික සහ ආගමික සහජීවනය ගොඩනැංවීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා සිංහල, දෙමළ, මුස්ලිම් යනාදී වශයෙන් රටේ ජිවත්වන සියලූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව බැඳී සිටින බවද ප්‍රකාශ කළේය.

සිංහල රාවයට ජනපතිගෙන් පොරොන්දුවක්...

ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නැවැත්වීම සඳහා මාස දෙකක් ඇතුලත නීති සම්පාදනය කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යයි සිංහල රාවය සංවිධානය පවසයි.

ගව ඝාතනයට එරෙහිව එම සංවිධානය දකුණෙන් ඇරැඹු පා ගමන අරලියගහ මන්දිරය අසලින් අවසන් වූයේ අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාරදීමෙන්.

එහිදී ජනාධිපතිවරයා තමන්ට එම පොරොන්දුව දුන් බවයි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ පවසා සිටියේ .

මීට වසර කිහිපයකට පෙරාතුව රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ගුවන් බලයේ කේන්ද්‍රස්ථානයවූයේ ඉරණමඩු ගුවන් පථයයි.

කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ ඉරණමඩු ගුවන් පථය නවීකරණය කිරීමෙන් අනතුරුව අද (15) යළි විවෘත කෙරුණා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඉරණමඩු ගුවන් පථය අද (15) පෙරවරුවේ විවෘත කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාර විජයානන්ද හේරත් සදහන් කළේ.

UPDATES 08.23 PM
කාලගුණේ වැඩ ගැන ජනපති නොසතුටින්..
වැසි කුණාටුවෙන් ධීවරයන් 27 ක් මරුට. 29 ක් අතුරුදන්...
ධීවරයින්ට ආරක්‍ෂිත කබාය සහ රක්‍ෂණය අනිවාර්ය කිරීමේ සුදානමක්...

සැඩ සුළඟින් යාත්‍රා අනතුරට ලක්වී ධීවරයින් 27 දෙනෙකු මියගොස් ඇති බවත් ගාල්ල, කළුතර, කොළඹ හා මීගමුව ප්‍රදේශවලින් මුහුදු ගිය යාත්‍රා 37ක් සහ ධීවරයින් 29දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

දිසාපතිවරුන්ගේ සංඛ්‍යාලේඛණ අනුව නිවාස 101 ක් පූර්ණ හානියට පත්ව ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 2185ට අධිකය.

අටපිරිකර ගැන ජනපතිගෙන් උපදෙස්....

අටපිරිකර ඇතුළු සියලු පූජා වස්තු නිසි ප්‍රමිතියකට යටත් කිරිමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ අද පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත නාහිමියන් ජනාධිපතිතුමාට කළ දැනුම් දීමකට අනුවය.

විජයග්‍රහණ සිව් වන සැමරුම...
අභිමානවත්ව සැමරේ...

කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කර සිව් වසරක් සපිරෙන අද දිනෙයේ ඒ නිමිත්තෙන් සංවිධානය කළ විජයග්‍රාහී සැමරුම් උළෙල කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේ ආරම්භ වූ අවස්ථාවේදී ජනාධිපතිතුමන් කියා සිටියේ

මුළු ලොවම අපට කියා සිටියේ ත්‍රස්තවාදීන් හා නොගැටී ඔවුන් ඉල්ලන දේ ලබාදෙන ලෙස නමුත් අපි අපේ රටේ තරුණයින්ගේ ශක්තිය හා වීරත්වය විශ්වාස කළ බවත් මේ නිසා ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වු බවත් අද මේ රට මරණ බියෙන් තොර ශ්‍රේෂ්ඨ රටක් බවට පත්ව ඇති බවත්...

තවද මෙම යුගය යුද්ධ කළ යුගයක් නොව යුද්ධය අවසන් කළ ලේ ගංගා ගලා යෑම නැවතූ සහ යුද්ධයක් යලි ඇති නොවන අයුරින් රටේ මහා විපර්යාසයක් ඇති කළ යුගයක් ලෙස ඉතිහාසයට එක් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කර සිටියා...

ඒකක 60 දක්වා ගාස්තුව වෙනස් නෑ - 180 දක්වාත් සහනයක්

සංශෝධිත විදුලි ගාස්තු වලට අනුව ඒකක 60 දක්වා විදුලි ගාස්තුවේ කිසිදු වෙනසක් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (01) කොළඹ කැම්බල් පිටියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය අමතමින් මේ බව කියා සිටියේය...

එසේම ඒකක 180 දක්වා වන විදුලි ගාස්තුව සඳහා ද යම්කිසි සහනයක් ලබාදෙන බවත් ජනතා ඉල්ලීම් පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ඒකක 180 ට සුළු වශයෙන් වැඩිවන විදුලි පාරිභෝගිකයන්ට ද සහන ලබාදීමට තීරණය කර ඇත.

උතුරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම සැප්තැම්බර් මාසයේදී - ජනාධිපති

උතුරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැලිඔය සම්පත් මධ්‍යස්ථානයේ දී අද (20) ප්‍රකාශ කෙළේය.

වැලිඔය ජනපදයේ ගොවීන්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ජනපදයේ පවුල් දහසකට වැඩි සංඛ්‍යාවකට ඉඩම් ඔප්පු ලබා දෙන අතර සංකේතාත්මක වශයෙන් ජනාධිපතිවරයා විසින් පවුල් හතළිහකට ඉඩම් ඔප්පු බෙදා දෙන ලදී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ආර්යා ඇතුළු පවුලේ ඥාතීන්ද ශී‍්‍ර ලංකා වාසීන් සමග එක්ව මෙවර සිංහල හින්දු අලූත් අවුරුද්ද තංගල්ල කාල්ටන් නිවසේදී සමරනු ලැබුවා...

ලිප ගිනි මෙළවීම,වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය යන චාරිත‍්‍ර වලට එක්වු ජනාධිපතිවරයා පසුව තංගල්ල මහජන බැංකු ශාඛාවට ගොස් ගනුදෙනු කිරීමේ චාරිත්‍රයද ඉටු කළේය.

එම අවස්ථා වල ඡායාරූප කිහිපයක් පහතින් නරබන්න

මගෙ පුතාලටත් ලැම්බෝගිනි කිය කිය ගැහුවෙ
මං ගණං ගත්තද?

මෛත්‍රිපාල ඇමතිව ජනපති සනසවලා

ශ්‍රීලනිපය පසුගිය බදාදා පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් තිබුණි.

එම රැස්වීමට පක්ෂයේ ලේකම් මෛත්‍රිපාල සිරිසේන පැමිණ සිටියත් වෙනදා තරම් ප්‍රබෝධයකින් සිටින බවක් පෙනෙන්නට නොතිබිණ.හේ ඉතා කල්පනාකාරීව කණස්සලු බවින් යුතුව සිටිනු දුටු ජනාධිපතිවරයා ඔහුට මෙසේ කීවේය.

ජනපති හින්දු පුවත්පතට කියයි...

එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත් බාලචන්ද්‍රන් යුද හමුදාව විසින් ඝාතනය කළ බවට එල්ල වන චෝදනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රතික්ෂේප කරනවා.

ජිනිවා නුවර ජගත් මානව හිමිකම් සමුළුවට සමගාමීව (1)ප‍්‍රදර්ශනය කෙරුණු චැනල් ෆෝ නාලිකාව නිපද වූ නෝ ෆයර් සෝන් වීඩියෝ චිත‍්‍රපටය මගින් ද බාලචන්ද්‍රන් හමුදාව විසින් හුදෙකලාව ඝාතනය කළ බවට චෝදනාවක් එල්ල කළා.

එහෙත් ඉන්දියාවේ හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එවැන්නක් සිදුවුණේ නම් එය තමා දැන සිටිය යුතු බවයි.

ජනපතිගේ ගංග්නම් නර්තනය...

ගංග්නම් නර්තනය සහිත ගීතය මේ වනවිට ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ ගීතය වේ.

එම ගීතය විවිධ රාජ්‍ය නායකයන් අනුකරණය කරමින්ද නිපදවා තිඛෙන අතර බැරක් ඔබාමා අනුකරනය කළ ගීතය මීට පෙර අප ඔබට ගෙන ආවා.

ලංකාවේ දේශපාලඥයින් යොදාගන නිර්මානය කල ගීතයක්ද මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිඛෙනවා.

ඉන්දියාවේ ඇතැම් ද්‍රවිඩ පක්ෂවල විරෝධතා නොතකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන සිකුරාදා සංචාරයක් සඳහා එරටට පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව ලබන සිකුරාදා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත ජනාධිපතිවරයා බිහාර් හි පිහිටි බුද්ධගයා ප්‍රදේශයේ මෙන්ම ආන්ද්‍රා හි තිරුපති යන ප්‍රදේශවලද සංචාරය කිරීමට නියමිතය.

එහිදී ජනාධිපතිවරයා බිහාර් ප්‍රධාන අමාත්‍ය නිටිෂ් කුමාර් මහතා හමුවීමට ද නියමිතව තිබේ.

කැබිනට් සංශෝධනයේ දී නව අමාත්‍යවරුන් 10 දෙනෙකු ද ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ නව කැබිනට් මණ්ඩල  සංශෝධන අනුව අමාත්‍ය ධූර වෙනස්වී ඇත්තේ මේ ආකාරයටය.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරින් ඉවත් කිරීමට අදාළ නිවේදනයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා තිබේ.

අදාළ ලියවිල්ලට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මැරයින් ගැවසෙන තැන්වල ඉන්න බැරි නිසා අපි යනවා - ජනපති පැමිණෙනවිට ෆොන්සේකා නැගිට යයි...

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල -විජයබා මාවතේ පිහිටි නිවසට ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේදී

එම නිවසේ සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා සහ එම සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාත්, ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාත් නැගිට ගියේය.

Update 11/09/2012 09:56 AM

අය වැය දෙවන වර කියවීම අද සිට ඇ‍රඹෙයි


2013 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත විවාදයට ‍ගැනීම සඳහා පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30 රැස්වෙයි.

ඒ අනුව 2013 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව පළමු දින විවාදය අද සිදු කෙරෙනු ඇත.

දෙවන වර කියවීමේ විවාදය අද සිට දින 7 ක් සිදු කිරීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 17 වන දින පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

උඩවලව, වලවේ ගම පිහිටා ඇති හිටපු ටෙස්ට් ක්‍රිකට් කීඩක රෝමේෂ් කළුවිතාරණගේ සංචාරක නිකේතනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (27) ගිය බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජනපති මහින්ද රාජපක්ෂ ඉතාලි ආපු ගමනේදි මගේ පිට දැක්කා...

මේ රූපය මගේ ශරිරය පොලොවට දිරාපත් වෙනකම්ම මගේ ලග තියේවි...

ජනපති මහින්ද රාජපක්ෂ මහාතාගේ මුහුණ පච්චයක් මගින් පිටේ කොටා ගනිමින් ජනපති රාජපක‍ෂ තම රජු යැයි හදුන්වන ලාංකිකයෙක් ඉතාලියේ ත්‍රේවීසෝ නගරයේ සිටිනවා.

වත්තල කෙරවල පිටියේ සිට මෙයට වසර 23කට පෙර ඉතාලි පැමිණි චානක වීජේසේකර (46) කියනුයේ ජනපති මහින්ද රාජපක‍ෂ මහාතාගේ නායකත්වයෙන් වසර 30ක යුද්ධය ජයගත් සැනින් තමා ලංකාවට ගොස් ජනපති මුහුණ රුපියල් 25000ක් ගෙවා තම පිටේ කොටා ගත් බවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) සිව්දින නිල සංචාරයක් සඳහා ඩුබායි බලා පිටත්වීමට නියමිතව තිබූ UL 1207 ශ්‍රී ලංකන් ගුවන් යානයේ එන්ජින් දෝෂයක් යානය පිටත්වීමට මොහොතකට පෙර හසුවී ඇතැයි වාර්තා වෙනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us