Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

UPDATES 08.23 PM
කාලගුණේ වැඩ ගැන ජනපති නොසතුටින්..
වැසි කුණාටුවෙන් ධීවරයන් 27 ක් මරුට. 29 ක් අතුරුදන්...
ධීවරයින්ට ආරක්‍ෂිත කබාය සහ රක්‍ෂණය අනිවාර්ය කිරීමේ සුදානමක්...

සැඩ සුළඟින් යාත්‍රා අනතුරට ලක්වී ධීවරයින් 27 දෙනෙකු මියගොස් ඇති බවත් ගාල්ල, කළුතර, කොළඹ හා මීගමුව ප්‍රදේශවලින් මුහුදු ගිය යාත්‍රා 37ක් සහ ධීවරයින් 29දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

දිසාපතිවරුන්ගේ සංඛ්‍යාලේඛණ අනුව නිවාස 101 ක් පූර්ණ හානියට පත්ව ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 2185ට අධිකය.
ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 31ක් පූර්ණ හානි සිදුව ඇති අතර 865කට අර්ධ හානි සිදුව තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 19කි. අර්ධ හානි සිදුවූ නිවාස 600කි. මාතර දිස්ත්‍රික්කයේ නිවාස 18ක් පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 108ට අර්ධ හානි සිදුව ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 50කි.

මහ වැසි හේතුවෙන් ලක්ෂපාන, කැනියොන් හා විමලසුරේනද්‍ර ජලාශවල වාන් දොරටු විවෘතකැර ඇති අතර  කැළණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ හා රත් ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යමින් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව සඳහන් කරන්නේ තවදුරටත් මෝසම් සුළං හේතුවෙන් ඉදිරි පැය 24 තුළද දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ දකුණු පළාත් වලට තද වැසි බලාපොරොත්තු විය හැකිබවය...තවද ධිවර කටයුතු සඳහා මුහුදු යන සියලූ ධිවරයින්ට ජිවිතාරක්‍ෂක කබාය සහ ඔවුන් රැගෙන යන යාත‍්‍රාව රක්‍ෂණය කිරීම අනිවාර්යය කිරීමට ධිවර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර පසුගිය දින දෙකෙහි මෙරට ඇතිවූ හදිසි කාලගුණ ආපදාව සම්බන්ධයෙන් මුහුදුකරයේ ජනතාව දැනුවත් කළ ආකාරය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විමසීමක් කර ඇත.ජනාධිපතිවරයා, ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් ඒ පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේය.

එහිදී විශේෂයෙන් ධීවර ප‍්‍රජාව ඇතුලූ ජනතාව අයහපත් කාලගුණය පිළිබඳව දැනුවත් කළ ආකාරය ජනාධිපතිවරයා විමසා ඇත.මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරියකුගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ, කාලගුණ දෙපාර්තමේන්තුව සැම දිනකම සවස 4.30 ට මුහුදේ ස්වභාවය ගැන ධිවර ප්‍රජාවට දැනුම්දීම සඳහා  ධිවර අමාත්‍යංශය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.

පසුගිය සිකුරාදා (07) පස්වරුවේ ද එම වාර්තාව නිකුත්කළ බවත්, ධිවර අමාත්‍යංශයේ ගුවන් විදුලි පණිවිඩ හරහා  එය බහුදින ධිවර යාත්‍රා වලට ලැබී තිබුන නමුත් සාමාන්‍ය බෝට්ටුවලට නොලැබීම මෙසේ ධිවරයින් ගේ ජිවිත විනාශයට හේතුවූ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේනමුත් එම නිවේදනයේ මෙවැනි බරපතල තත්වයක් වාර්තා නොවූ බව පිළිගත් එම නිලධාරියා, එම තත්වය යටතේ සෙනසුරාද උදැසන 3.00 ට නැවත නිවේදනයක් නිකුත්කළ බවද පැවසිය.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, කාලගුණ අනතුරු පිළිබඳව ධීවරයන් දැනුවත් නොවීම පිළිබඳ වගකීම ධීවර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශය භාරගතයුතු බවයි.

එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ කාලගුණ තොරතුරු ධීවරයන්ට දැනගැනීම සඳහා නිසි ක‍්‍රමවේදයක් සකස් කිරිමට ධීවර අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවයි.

මේ වනවිට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න විදේශගතව සිටියි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us