Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් හින්දි ගීතයක්...සුද්දට උවමනාවටද ?වැරදුනාවත්ද ?..

පසුගිය (07) එංගලන්තයේදී ආරම්භ වූ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල වර්ණවත්ව පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබුණි...
එක්දින ශේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් අට මෙම තරගාවලියට ක්‍රීඩා කරයි.

වර්ණවත් අයුරින් පැවැත්වු සමාරම්භක උළෙලේදී එම කණ්ඩායම්වල නායකයින් තරගාවලිය සදහා සුභ පැතුම් එක් කළ අතර අනතුරුව එම කණ්ඩායම් අයිති රටවල ජාතික කොඩි රැගෙන ක්‍රීඩා පිටියේ නියමිත ස්ථානය දක්වා ගමන් කරන තුරු එම රටට ආවේනික ගීතයක් වාදනය කරනු ලැබුණි.
ශ්‍රී ලංකා ජාතික කොඩිය රැගෙන ඒමට පෙර නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සුභ පැතුම වාදනය වුණි. එහෙත් කණගාටුදායක කරුණ වූයේ ශ්‍රී ලංකාවට ආවේනික ගීතයක් ලෙස වාදනය වූයේ ඉන්දීය හින්දි ගීතයක් වීමය.

සාමාන්‍යයෙන් මෙවැනි තරගාවලි වලට පෙර අදාල ජාතික සංගම් සිය රටට අදාල තොරතුරු ලබා දෙනු ලබයි. එහෙත් චැම්පියන්ස් කුසලාන තරගාවලියට පෙර එවැනි අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේද? එය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙලෙස ඉන්දීය ගීතයක් වාදනය කලේද? නැතහොත් එවැනි දැනුම්දීමකින් තොරව ඔවුන් තොරාගත් ගීතයක් වාදනය කර මෙලෙස ශ්‍රී ලංකීය අනන්‍යතාවයට හානි කලේද? එසේනම් මේ පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ජා කර තීරණයක් ගත යුතු බව හැගී යයි.

රූපවාහිනී නාලිකා ඔස්සේ අති විශාල ජනතාවක් ලොව පුරා නරඹා ඇති මෙම සමාරම්භක උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා නාමය ලොව පුරා ජනප්‍රියතාවයට පත්වූ යුගයක සිදුවු මෙම කණගාටුදායක සිදුවීමෙන් ලාංකීය අනන්‍යතාවය මුළුමනින්ම බිද වැටීමට හේතුවක් විය.

මෙරට යොවුන් ගායක ගායිකාවන් ලාංකීය සංගීතයෙන් ජාත්‍යන්තරය සමග උරෙන් උර ගැටෙන මෙවන් සමයක දී ලංකාවට අනන්‍ය වූ ගීත කණ්ඩයක් සොයා ගැනීමට නොහැකි වීම සැබවින්ම සිනා උපදවන්නකි. මෙය කිසිවකුගේ වරදින් හෝ අතපසුවීමකින් සිදුවූ දෙයක්ද හෝ නැතහොත් ලංකාවට හිතාමතාම එල්ල කළ පහරක් ද ?

මෙම සිදුවීමෙන් ලොව පුරා ජනතාව අතර ශ්‍රී ලංකාව පිලිබදව වැරදි අවබෝධයක් ඇතිවී ඇත්නම් එය වෙනස් කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දිය යුතු බවත් මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුවූ වරද පිලිබදව ශ්‍රී ලංකාවෙන් සමාව ගැනීම සදහා මෙහෙයවිය යුතු බවත් විචාරක මතය වී ඇත.

එමෙන්ම මෙවන් සුවිශාල වරදක් සිදුවූයේ කෙසේදැයි කඩිනමින් සොයා බලා එම වරද ලොවට හෙළි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකීමෙන් බැදී සිටින බව අපේ මතයයි.

මෙම ආන්දෝලනාත්මක ගීතය ප්‍රචාරයවූ අවස්ථාවේ වීඩියෝව පහතින්


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us