Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අටපිරිකර ගැන ජනපතිගෙන් උපදෙස්....

අටපිරිකර ඇතුළු සියලු පූජා වස්තු නිසි ප්‍රමිතියකට යටත් කිරිමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ අද පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත නාහිමියන් ජනාධිපතිතුමාට කළ දැනුම් දීමකට අනුවය.
පාරිභෝගික සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.අටපිරිකර සැකසීම හා අලෙවිය සදහා විනයානුකූල මෙන්ම නීත්‍යානුකූල ක්‍රමවේදයක් ඇරඹීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එහිදී මහනාහිමියන් ඵෙතිහාසික දළදා සමිදුන් වෙත පුජාකර තිබු අටපිරිකරක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.එය නිසි ප්‍රමිතියකින් හා විනයකින් ‍තොරව සකසා ඇති බව උන්වහන්සේ ජනාධිපතිවරයාට පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේයළා.

වෙළඳපොලේ භාණ්ඩයක් බවට පත් නොකර අටපිරිකරට ඇති ගෞරවය සහ භක්තිය ආරක්ෂා කිරිමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගිය ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත්වල නිරත වූ බවය.ඉන් අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත මහානාහිමියන්ද බැහැදැක ආගමික වතාවත් සිදුකර තිබේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us